කරවල මිශ්‍ර අර්තාපල් බැදුම



අවශ්‍ය ද්‍රව්‍ය
  1. කට්ටා කරවල ග්‍රෑම් 250
  2. අර්තාපල් ග්‍රෑම් 150
  3. ලොකුලූනු ගෙඩියක් 
  4. අමුමිරිස් කරල් 3-4ක් 
  5. කහ කුඩු ස්වල්පයක් 
  6. රම්පේ කැබැල්ලක් 
  7. කරපිංචා කිනිත්තක් 
  8. කෑලි මිරිස් මේස හැඳි 1
  9. බැද ගැනීමට තෙල් 
  10. රසට අනුව ලුණු
සාදන ආකාරය 
 
කරවල ඉතා හොඳින් පිලී යන ලෙස සෝදා දිය බේරාගන්න. අල ලුණු දමා බෙරි නොවන සේ තුන් කාලට තම්බා ගන්න. දැන් අල තරමක කැබැලිවලට කපන්න. මේ දෙවර්ගයම වෙන වෙනම රත්වූ ගැඹුරු තෙලට දමා බැදගන්න. 
දැන් සිහින්ව පෙති කපාගත් ලූනු, සිහින්ව දිගට කපාගත් අමුමිරිස්, තෙල් ටිකක බැදෙන්නට හරින්න. එය බැදීගෙන එන විට කෑලි මිරිස් කහ කුඩු එකතු කරන්න. රම්පේ, කරපිංචා දමන්න. දැන් බැදගත් අල සහ කරවල දමා හොඳින් මිශ්‍ර කරගන්න. 

උපුටා ගැනීම : kitchen.tharunaya.us

Comments