කරවල මිශ්‍ර අඹ හොද්ද
අවශ්‍ය ද්‍රව්‍ය
- හොඳින් පැසුනු අඹ ගෙඩි 2ක්
- කට්ටා කරවල ග්‍රෑම් 250
- දියකිරි අඬු කෝප්ප 1
- සුදුලූනු බික් 2යි
- අමුමිරිස් කරල් 2-3ක්
- රතුලූනු ගෙඩි කීපයක්
- රම්පේ කැබැල්ලක්
- කරපිංචා කිනිත්තක්
- ලුණු රසට අනුව
- මිරිස් කුඩු මේස හැඳි 1
- තුනපහ කුඩු තේ හැඳි 1
- කහ ස්වල්පයක්
- තෙල් මේස හැඳි 1
- මිටිකිරි අඬු කෝප්ප 2
කරවල තරමක කැබැලි වලට කපා පිළීයන ලෙස හොඳින් අතුල්ලා සෝදා ගන්න.
රතුලූනු, අමුමිරිස් සිහින්ව කපා ගන්න. අඹ ගෙඩි පොතු සහ ඇටය ඉවත් කර සිහින් තීරුවලට කපා ගන්න. දැන් මැටි හට්ටියක් ළිප තබා රත්වන විට රම්පේ, කරපිංචා, තලාගත් සුදුලූනු, රතුලූනු, අමුමිරිස් සහ කරවල කැබැලි දමා තෙම්පරාදු වන්නට හරින්න. කහ කුඩු, මිරිස්, තුනපහ, දියකිරි වලට මිශ්‍ර කර ගන්න. දැන් අඹ කැබැලිද දමන්න. දියකිරි ද දමා මදගින්දරේ තැම්බෙන්න හරින්න. කරවල කැබැලි හොඳින් තැම්බිගෙන එද්දී මිටිකිරි දමා කලවම් කර නටවා ගන්න.
උපුටා ගැනීම : kitchen.tharunaya.us
Comments
Post a Comment