කූනිස්සන් තක්කාලි තෙම්පරාදුව



අවශ්‍ය ද්‍රව්‍ය
  1. වියළි කූනිස්සන් ග්‍රෑම් 250
  2. තක්කාලි ග්‍රෑම් 100
  3. අමුමිරිස් කරල් 4 යි
  4. රතුලූනු ග්‍රෑම් 100
  5. කෑලි මිරිස් තේ හැඳි 3
  6. ගම්මිරිස් කුඩු තේ හැඳි 1
  7. කහකුඩු තේ හැඳි 1/2
  8. රම්පේ කැබැල්ලක්
  9. කරපිංචා කිනිති 2ක් 
  10. තෙල් මේස හැඳි 2-3ක් 
  11. පදමට ලුණු
සාදන ආකාරය 
 
කූනිස්සන් ඉතා හොඳින් වැලි ඉවත්වී යන ලෙස සෝදා දිය බේරෙන්නට තබන්න. තක්කාලි, අමුමිරිස්, රතුලූනු, සිහින්ව කපා ගන්න. තෙල් ටික ළිප තබා රත්වන විට එයට රම්පේ, කරපිංචා, ලූනු, අමුමිරිස්, තක්කාලි දමා තෙම්පරාදු වන්නට හරින්න. තෙම්පරාදු වී ගෙන එන විට කූනිස්සන් ද දමා හොඳින් මිශ්‍රකර තුනපහ වර්ග ද දමා කලවම් කරමින් මලවා ගන්න. 

උපුටා ගැනීම : kitchen.tharunaya.us

Comments