මැලේ අච්චාරු



අවශ්‍ය ද්‍රව්‍ය
  1.     රටඉඳි 200g
  2.     රතුලූනු 150g
  3.     කැරට් 100g
  4.     මාළුමිරිස් 150g
  5.     හොඳින් පැසුණු ඇඹ‍රැල්ලා ගෙඩියක්
  6.     කුඩා අන්නාසි ගෙඩියක්
  7.     අඹරාගත් සුදුළූණු බික් 8
  8.     ඉඟුරු කැබැල්ලක්
  9.     මිරිස් කුඩු මේස හැඳි 2
  10.     විනාකිරි කෝප්ප 1/2
  11.     අඹරාගත් අබ මේස හැඳි 1
  12.     සීනි මේස හැඳි 4
  13.     අවශ්‍ය පමණ ලුණු
සාදන ක්‍රමය 

රටඉඳි වල ගෙඩි 5-6 ක ඇට හැර කුඩාවට කපන්න.
ඉතිරි ටික ඇට හැර අඹරා ගන්න.
මෙය මැටි බඳුනකට දමා එයට විනාකිරි කෝප්ප 1/2 ක් වතුර කෝප්ප 1/4 ක්, අඹරාගත් අබ , ඉඟුරු , සුදුළූණු , ලුණු මිරිස් කුඩු , සීනි දමා තරමක් උකු සෝස් එකක් වන ලෙස උණුකර ගන්න.
මෙය ලිපෙන් බාන්න. ඉන්පසු එයට කපාගත් කැරට් , මාළුමිරිස් , අන්නාසි අඹ‍රැල්ල , රටඉඳි එකතු කර ගන්න.
මෙහිදි කපාගත් රටඉඳි වෙනුවට වියළි මිදි එකතු කිරීමට පුළුවනි. මෙය හොඳින් මිශ්‍රකර වසා දිනක් පමණ තිබෙන්නට හැර කෑමට ගන්න. 

උපුටා ගැනීම : kitchen.tharunaya.us

Comments