ඉස්සන් සම්බල්
අවශ්‍ය ද්‍රව්‍ය
- ලොකු ඉස්සන් ග්‍රෑම් 300
- වියළි මිරිස් කරල් 20ක්
- එළවළු තෙල් මේස හැඳි 5
- ඉඟුරු කැබැල්ලක්
- සුදුලූනු බික් 2ක්
- ලොකු ලූනු ගෙඩියකින් 1/2
- ලුණු රසට අනුව
- සීනි ටිකක්
- විනාකිරි අඬු කෝප්ප 1/4
තෙල් ටිකක් ලිප තබා රත් කරන්න. ඔළු, පොතු ඉවත් කර සෝදා ගත් ඉස්සන් මේ තෙල්වලට දමන්න. ඉඟුරු, සුදුලූනු දෙකට තුනට කපාගත් මිරිස් කරල් සහ සිහින්ව කපාගත් ලූනු දමන්න. දැන් හොඳින් තෙම්පරාදු කරගත් මේ මිශ්‍රණය හොඳින් අඹරා ගන්න. දැන් මැටි බඳුනක් ලිප තබා එයට ලුණු, විනාකිරි, සීනි දමා උණු කර ගන්න. දැන් කලින් අඹරාගත් ඉස්සන් මිශ්‍රණය මෙයට දමා කලවම් කර මලවා ගන්න.
උපුටා ගැනීම : kitchen.tharunaya.us
Comments
Post a Comment