වම්බටු සම්බෝලය
අවශ්‍ය ද්‍රව්‍ය -
- වම්බටු කරල් 5-6ක්
- රතුලූනු ගෙඩි 10ක් පමණ
- අමුමිරිස් කරල් 2යි
- රතුපාට ඉඳුණු තක්කාලි ගෙඩියක්
- අඹරාගත් අබ තේ හැඳි 1
- ලුණු රසට අනුව
- විනාකිරි මේස හැඳි 2
- බැද ගැනීමට තෙල්
වම්බටු සෝදා සිහින් පෙතිවලට කපා රත්වූ ගැඹුරු තෙලේ රන්වන් පාටට බැද තෙල් බේරෙන්නට හරින්න. රතුලූනු, අමුමිරිස්, තක්කාලි කුඩා කොටු ලෙස කපාගන්න. දැන් බඳුනක් ගෙන එයට විනාකිරි, ලුනු, අබ දමා හොඳින් මිශ්‍ර කරන්න. දැන් කපාගත් ලූණු, අමුමිරිස්, තක්කාලි සහ බැදගත් වම්බටු දමා පොඩි නොවන සේ මිශ්‍රකර කෑමට ගන්න.
උපුටා ගැනීම : kitchen.tharunaya.us
Comments
Post a Comment