රටකජු මෝජුව
අවශ්‍ය දුව්‍ය
- රටකජු 250g
- පිරිසිදු කරගත් හාල්මැස්සන් 100g
- ලොකුලූනු 250g
- සුදුලූනු 50g
- අමුමිරිස් කරල් 10
- කැබලි මිරිස් 3Tsp
- අඹ චට්නි 5 Tsp
- කරපිංචා කොළ
- ඉඟුරු කැබැල්ලක්
- විනාකිරි 10ml
- සීනි 5Tsp
- අබ ක්‍රිම් 3Tsp
- ලුණු 1Tsp
- තෙල් 350Ml
රටකජු අවන් කිරීමෙන් පසු පොතු හැර ගන්න ලොකුලූනු
සුදුලූනු ඉඟුරු සිහින්ව කපාගන්න
හාල්මැස්සන් හා කපාගත් ද්‍රව්‍ය රන්වන් පාටවන තෙක් ගැඹුරු තෙලේ බැදගන්න අමුමිරිස් දෙකට වෙන් නොවන සේ පලා, කරපිංචා කොළ සමඟ ගැඹුරු තෙලේ සුළු වේලාවක් බැදගන්න පසුව භාජනයක් ලිප තබා එයට තෙල් දමා කෑලි මිරිස්, අබකුඩු, අඹ චට්නි, සීනි, විනාකිරි එක් කරගන්න ඉන්පසුව හොඳින් කලවම් කර බැදගත් සියල්ල එකතු කර හොදින් කවලම් කරන්න
උපුටා ගැනීම : kitchen.tharunaya.us
Comments
Post a Comment