දෙල් බැදුම
අවශ්‍ය දුව්‍ය
- දෙල් ගෙඩි 01
- ලුණු ස්‌වල්පයක්
- තෙල් 100Ml
- තක්‌කාලි ගෙඩි 01
- ලොකු ලූනු ගෙඩි 01
- මාළු මිරිස් කරල් 02
- කැබලි මිරිස් 1Tsp
- කරපිංචා ඉත්තක්
- තලාගත් සුදු ලූනු බික් 02
- තලාගත් ඉඟුරු කැබැල්ලක්
- විනාකිරි ස්‌වල්පයක්
- මිරිස් කුඩු 1Tsp
දෙල් ගෙඩිය හීනි පෙතිවලට කපාගන්න. ලුණු ස්‌වල්පයක් අත ගා ගැඹුරු තෙලේ බැදගන්න.තක්‌කාලි ගෙඩිය කපාගන්න. ලොකු තලාගත්,හා මාලු මිරිස් ද කපන්න. තෙල් ස්‌වල්පයක් ලිප තබා සුදු තලාගත් ,ඉඟුරු බදින්න.එයට කරපිංචා තක්‌කාලි කැබලි මිරිස්, විනාකිරි ,වතුර කෝප්ප 1/4 ක් දමා කලවම් කර රත්වන්න හරින්න. දැන් බැදගත් දෙල් ද දමා හොඳින් මිශ්‍ර කරන්න.
උපුටා ගැනීම : kitchen.tharunaya.us
Comments
Post a Comment