ඇපල් නිවිති සම්බෝලය
අවශ්‍ය ද්‍රව්‍ය
- රතු ඇපල් ගෙඩි 2 යි
- කහ පාට බෙල්පෙපර් ගෙඩි 1/2
- කොළ පාට බෙල්පෙපර් ගෙඩි 1/2
- උණු වතුරට දමා දිය බේරාගත් නිවිති දළු ග්‍රෑම් 100
- සිහින්ව ගා ගත් චීස් මේස හැඳි 2
- ගම්මිරිස් කුඩු තේ හැඳි 1
- ලුණු කුඩු තේ හැඳි 1/2
- දෙහි ගෙඩියක යුෂ
- කොටු කපාගත් ලොකු ලූනු ගෙඩියක්
- මෙයොනීස් සෝස් මේස හැඳි 2
- රසට අනුව ලුණු
ඇපල්, බෙල්පෙපර් හා නිවිති කොටු හැඩයට කපා ගන්න. මෙයොනීස් සෝස්, දෙහි, ලුණු කුඩු, ගම්මිරිස් කුඩු, ගෑරුප්පුවක ආධාරයෙන් කලවම් කර එයට කුඩා කොටු කපාගත් ඇපල්, බෙල් පෙපර්, ලොකු ලූනු, නිවිති කොළ එකතු කොට, මිශ්‍ර කර දීසියකට දමා ගාගත් චීස් උඩින් ඉසගන්න.
උපුටා ගැනීම : kitchen.tharunaya.us
Comments
Post a Comment