කොහිල අල සම්බෝලය
අවශ්‍ය ද්‍රව්‍ය -
- ළපටි කොහිල අල කැබැල්ලක්.
- අමු මිරිස් කරල් 2යි
- රතුලූනු අහුරක්
- සිහින්ව ගා ගත් පොල් මිටක්
- ලුණු කුඩු රසට අනුව
- දෙහි යුෂ රසට අනුව.
කොහිලවල පිට පොත්ත හැර අඟලේ පමණ කැබැලි වලට කපා නූල් ඇර ගන්න. දැන් ඉතාම සිහින් කෙඳිති ලෙස ලියාගන්න. අමුමිරිස් සහ රතුලූනුද ලියා ගන්න. දැන් බඳුනක් ගෙන එයට පොල්, රතුලූනු, අමුමිරිස්, ලුණු, දෙහි යුෂ දමා මිශ්‍ර කරන්න. කොහිල අල කෙඳි දමා පොඩි නොවන සේ මිශ්‍රකර රස බලන්න.ලියාගන්න. අමුමිරිස් සහ රතුලූනුද ලියා ගන්න. දැන් බඳුනක් ගෙන එයට පොල්, රතුලූනු, අමුමිරිස්, ලුණු, දෙහි යුෂ දමා මිශ්‍ර කරන්න. කොහිල අල කෙඳි දමා පොඩි නොවන සේ මිශ්‍රකර රස බලන්න.
උපුටා ගැනීම : kitchen.tharunaya.us
Comments
Post a Comment