කෝමාරිකා ව්‍යංජනය
අවශ්‍ය ද්‍රව්‍ය
- කෝමාරිකා මද ග්‍රෑම් 250
- රතුලූනු ගෙඩි 10ක් පමණ
- අමුමිරිස් කරල් 2යි
- සුදුලූනු බික් 3ක්
- උළුහාල් තේ හැඳි 1/2
- කුරුදුපොතු කැබැල්ලක්
- කහ ස්වල්පයක්
- රම්පේ කැබැල්ලක්
- කරපිංචා කිනිත්තක්
- අබ කුඩු තේ හැඳි 1/2
- දියකිරි අඬු කෝප්ප 1
- මිටිකිරි අඬු කෝප්ප 1
- උම්බලකඩ කුඩු මේස හැඳි 1
- දෙහි බෑයක පමණ යුෂ
- රසට අනුව ලුණු
කෝමාරිකා මද ටික පසෙකින් තබන්න. දැන් මැටි ඇතිලියක් ගෙන එයට මිටිකිරි හැර ඉතිරි කලමනා සියල්ල දමා කලවම් කර ළිප තබන්න. දියකිරි නටාගෙන එන විට කෝමාරිකා මද සහ මිටිකිරි දමා හැඳිගාමින් පිසගන්න.
උපුටා ගැනීම : kitchen.tharunaya.us
Comments
Post a Comment