කට්ටා කරවල, ගෝවා ඉස්ටුව
අවශ්‍ය ද්‍රව්‍ය
- කට්ටා කරවල ග්‍රෑම් 200
- ගෝවා ග්‍රෑම් 200
- කහ කුඩු ස්වල්පයක්
- ලුණු රසට අනුව
- උකු මිටිකිරි අඬු කෝප්ප 1/2
- රතුලූනු ගෙඩි කීපයක්
- අමුමිරිස් කරල් 2 යි
- රම්පේ කැබැල්ලක්
- අබ ඇට තේ හැඳි 1/2
- තෙල් ටිකක්
කරවල තරමකට කැබැලි කපා දෙහි යුෂ මිශ්‍ර වතුරේ සෝදා දිය බේරා ගන්න. රතුලූනු සුද්දකර ගෙඩි පිටින්ම සෝදා දිය බේරා ගන්න. අමුමිරිස් දෙකට පලාගන්න. ගෝවා සෝදා ඉතා සිහින්ව කෙඳි ලෙස ලියා ගන්න.
දැන් තෙල් ළිප තබා රත්වන විට කරවල දමා බැදෙන්නට හරින්න. එය බැදීගෙන එනවිට ගෝවා වලට කහ කුඩු ටිකක් අතගා පසෙකින් තබාගන්න. කරවල බැදීගෙන එන විට එයට රම්පේ, අබ ඇට, රතුලූනු, අමුමිරිස් දමා තෙම්පරාදු වන්නට හරින්න. දැන් එයටම ගෝවා එකතු කර තෙම්පරාදු කරගන්න. මිටිකිරි ටික දමා ලුණු ටිකක් ද එකතු කර මිශ්‍ර කර ඉස්ම හිදුවා කෑමට ගන්න.
උපුටා ගැනීම : kitchen.tharunaya.us
Comments
Post a Comment