බිත්තර මිශ්‍ර බිම්මල්
අවශ්‍ය ද්‍රව්‍ය:
- බිම්මල් 250 g
- බිත්තර 2
- තක්කාලි 50 g
- මාළු මිරිස් කරල් 4
- ලොකු ළුණු 50 g
- සුදු ළුණු බික් 2
- අමු ඉඟුරු පෙති 1
- කල් කිරි කෝප්ප කාලක්
- මිරිස් කුඩු තේ හැඳි බාගයක්
- කරපිංචා ටිකක්
- රම්පෙ ටිකක්
- රස අනුව ලුණු
- තෙල් ස්වල්පයක්
මාළු මිරිස් දෙකට කපන්න. සුදු ළුණු, අමු ඉඟුරු තලන්න. බඳුනකට තෙල් දමා රත් වූ පසු ළූණු, මාළු මිරිස්, සුදු ළුණු, අමු ඉඟුරු, කරපිංචා, රම්පා දමා කපාගත් තක්කාලි, බිත්තර දමා විනාඩි 5 පමණ හැඳි ගාන්න. එයට ලුණු, මිරිස් කුඩු, සහ බිම්මල්, කිරි එකතු කර මඳ වෙලාවක් හැඳි ගා වසා තබන්න. විනාඩි 5 පමණ තබා ලිපෙන් බා ගන්න.
උපුටා ගැනීම : kitchen.tharunaya.us
Comments
Post a Comment