ලාවුළු ව්‍යංජනය



අවශ්‍ය ද්‍රව්‍ය
  1. හොදින් පැසුනු ලාවුළු ගෙඩි 2ක්
  2. රතුලූනු ගෙඩි 10ක් පමණ
  3. අමුමිරිස් කරල් 3 යි
  4. සුදුලූනු බික්  3යි
  5. රම්පේ කැබැල්ලක්
  6. කරපිංචා කිනිත්තක්
  7. කහ කුඩු ස්වල්පයක් 
  8. ‍පොල්තෙල් මේස හැඳි 4 
  9. බැඳපු තුනපහ කුඩු තේ හැඳි 1
  10. කුරුඳු‍පොතු කැබැල්ලක්
  11. මිරිස් කුඩු තේ හැඳි 2
  12. වියලි මිරිස් කරල් 5යි
  13. අබ ඇට තේ හැඳි 1/2
  14. ලුණු රසට අනුව 
  15. දියකිරි අඬු කෝප්ප 2
  16. මිටිකිරි අඬු කෝප්ප 2
සාදන ආකාරය 
 
ලාවුළු ගෙඩි වල ‍පොත්ත හොඳින් ඉවත් කර කිරි ඉවත්ව යන ලෙස හොඳින් සෝදා ගන්න. දැන් හොඳින් කැපෙන පිහියකින් තට්ටු කරමින් කුඩා කොටු ලෙස එය ලියා ගන්න. (පරිප්පු ඇට තරමේ කැබැලි ලෙස) මැටි ඇතිලියක් ගෙන එයට කපගත් ලාවුළු දමන්න. දැන් මිරිස් කුඩු, තුනපහ කුඩු, කුරුඳු‍පොතු, ලුණු එකතු කර දියකිරි දමා මිශ්‍ර කර ලිප තබන්න. හොඳින් ලාවුළු කැබැලි තැම්බුනු පසු එය වෙනත් බඳුනකට දමා ඇතිලියට ‍පොල්තෙල් ටික දමන්න. රත්වුනු තෙලට ලියාගත් රතුලූනු, අමුමිරිස්, සුදුලූනු, රම්පේ කරපිංචා හා කැබැලි වලට කඩාගත් වියලි මිරිස්, අබ ඇට එකතු කරන්න. රන්වන් පාටට බැදෙන විට තම්බාගත් ලාවුළු ටික දමන්න. මදක් තෙ‍ලේ කලවම් කරමින් මිටිකිරි එකතු කරන්න. හොඳින් උතුරවා බා ගන්න. 

උපුටා ගැනීම : kitchen.tharunaya.us

Comments