දෙල් කළුපොල් මාළුව



අවශ්‍ය දුව්‍ය
  1.     දෙල්ගෙඩි 01
  2.     බැදගත්හාල් මේස හැදී 02 
  3.     රම්පෙ,කරපිංචා,බීළූණු,අමුමිරිස්
  4.     මිරිස්කුඩු මේස හැදී 01
  5.     කහස්වල්පයක්
  6.     බැදගත්පොල් මේස හැදී 02
  7.     ලුණු
  8.     බැදගත්තුනපහකුඩු(කළුකුඩු) මේස හැදී 02
  9.     මිටිකිරි 375Ml
සාදන ආකාරය

දෙල් කැබලි වලට කපා තම්බා ගන්න. පසුව එයට බැද සිහින්ව කුඩුකරගත් හාල් හා පොල් එකතුකර කහ, මිරිස්, බැදගත් තුනපහ කුඩු සහ ලුණුද මිශ්‍රකර මිටිකිරි දමාහොදින් කලවම්කරන්න.
ඉන්පසු තෙල් ස්වල්පයක් ලිප තබා එයට බී ළූණු, අමු මිරිස්, රම්පෙ, කරපිංචා සමග අබ තෙම්පරාදුව දමන්න. අවසානයේ දෙල් මිශ්‍රණයද එයට දමා හොදින් හින්දවා ගන්න 

උපුටා ගැනීම : kitchen.tharunaya.us

Comments