ඉස්සන් කිරි හොදි



අවශ්‍ය ද්‍රව්‍ය :-
  1. ඉස්සන් ග්‍රෑම් 500
  2. කහ කුඩු
  3. අඹරා ගත් අබ තේ හැඳි 1 යි
  4. බැදගත් උළුහාල් ස්වල්පයක්
  5. රතුලූණු ගෙඩි 3 යි
  6. දෙහි යුෂ මේස හැඳි 1 යි
  7. ඉදුණු මිරිස් කරල් 2
  8. ගොරක කැබලි 3
  9. පොල් කිරි කෝප්ප 5 යි
  10. අඹරා ගත් තුනපහ කුඩු තේ හැඳි 1 යි
  11. මිරිස් කුඩු තේ හැඳි 1
  12. ලුණු, රම්පෙ, කරපිංචා
සාදන ක්‍රමය :-

ඉස්සන් සෝදා අවශ්‍ය නම් පමණක් පොතු ඉවත්කර බඳුනකට දමන්න. දෙහි, අබ, කහ හැර අනෙක් සියලුම කළමනා දමා වතුර කෝප්ප තුනක් පමණ දමා ලිප තබන්න.
ඉස්සන් තම්බුන පසු පොල් කිරි වලට ඉතුරු කර ගත් කහ, අබ , දෙහි ඇඹුල් යොදා වක්කරන්න.
හොද්දේ කිරි කැටි නොගැසෙන්නට , හොඳින් හැඳි ගා ලුණු ඇඹුල් බලා ලිපෙන් ඉවතට බා ගන්න.
වඩා රසවත් කිරීමට හොද්ද උයන විට මුරුංගා කොළ ස්වල්පයක් එකතු කරන්න 

උපුටා ගැනීම : kitchen.tharunaya.us

Comments