ඉස්සන් තෙම්පරාදුව
අවශ්‍ය ද්‍රව්‍ය :-
- ඉස්සන් ග්‍රෑම් 500 යි
- දෙහි යුෂ මේස හැඳි 1 යි
- රතු ළූණු ග්‍රෑම් 100 යි
- අමුමිරිස් කරල් 5 යි
- ගොරක කැබලි 2 යි
- කෑලි මිරිස් මේස හැඳි 3 යි
- මුරුංගා කොළ ටිකක්
- පොල් තෙල් ස්වල්පයක්
- ලුණු කුඩු
- රම්පෙ, කරපිංචා
ඉස්සන් හොඳින් සෝදා ලුණු සහ ගොරක දමා තම්බා ගන්න.
ඉස්සන් හොඳින් තැම්බුන පසු තෙල් ලිප තබා බැද ගන්න. මදක් බැදෙන විට ළූණු , මුරුංගා කොළ , මිරිස් , රම්පා, කරපිංචා එක් කර කලවම් කරගන්න.
හොඳින් බැදුණු පසු ලුණු පදම බලා දෙහි යුෂ එක් කර ලිපෙන් බා ගන්න.
උපුටා ගැනීම : kitchen.tharunaya.us
Comments
Post a Comment