කිරි අඟුණ සහ කුනිස්සෝ



කිරි අඟුණ කියන්නේ මැල්ලුමක් විදිහට අපේ රටේ ජනප්‍රිය පලා වර්ගයක් නේ. හැබැයි මේ විදිය ගොඩක් අයට අලුත් විදිහක් වෙයි.

අවශ්‍ය ද්‍රව්‍ය :-
  1. කිරි අඟුණ කොළ
  2. කුනිස්සෝ ග්‍රෑම් 50 ක්
  3. ලුණු
  4. කැබලි මිරිස්
  5. දිය කිරි කෝප්පයක්
  6. සුදු ළුණු බික් දෙකක් (පලා ගන්න)
  7. කපාගත් රතු ළුණු
හදන්නේ මෙහෙමයි :-

කිරි අඟුණ කොළ කඩාගන්න. කපාගන්නත් පුළුවන්. එත් වඩා හොඳයි අතින් කොටස් වශයෙන් කඩාගන්නව නම්. පොලි කිරි ටික ලිපේ තියල ඒකට මේ කිරි අඟුණ කොළ ටික එකතු කරන්න. රතු – සුදු ළුනු වගේම කෑලි මිරිසුත් ලුණුත් දාල ටිකක් හැඳි ගාන්න.
කොළ ටික මැලවෙද්දී කුනිස්සෝ ටික එකතු කරන්න. හැඳි ගාමින් ම මේක කරනවානම් වඩා හොඳයි.
කුනිස්සෝ ටික අඟුණ කොලත් එක්ක මිශ්‍ර කලාට පස්සේ පියනකින් වහල ඉදෙන්න අරින්න.

අපේ රටට ආවේනික ජාතිවලින් ම විතරක් හැදෙන්නේ නැති වුණාට මේ ව්‍යංජන ටික අපේ රටට විශේෂයි.
ඒ වගේම ලොකු වියදමක්, ලොකු මහන්සියක් නැතුව හදාගන්න පුළුවන් රස ම රස – ගුණ ම ගුණ ව්‍යංජන නිසා උයන පිහන ඔයාටත් මේ කෑම විශේෂ වෙයි. 

උපුටා ගැනීම : kitchen.tharunaya.us

Comments