තුඹ කරවිල
අවශ්‍ය ද්‍රව්‍ය,
- තුඹ කරවිල ග්‍රෑම් 250
- මුං ඇට ග්‍රෑම් 50
- රතු ළූණු ග්‍රෑම් 20
- අමු මිරිස් ග්‍රෑම් 100
- අල ග්‍රෑම් 100
- කරපිංචා කිණිති කිහිපයක්
- ලුණු හා ගම්මිරිස් අවශ්‍ය ප්‍රමාණයට
මුලින්ම මුං ඇට හා අල තම්බා ගන්න
තම්බා ගත මුං ඇට හා අල කට්ලට් මිශ්‍රණයක් සේ සකසා ගන්න
රතු ළූණු, අමු මිරිස් ආදිය තෙම්පරාදු කර එයට එක් කරන්න
කරවිල ගෙඩියේ ඇට ඉවත් කර දෙපැත්ත කපා ගන්න
කරවිල උණු දියේ පොඟවා ගන්න
ඉහත සාදාගත් මිශ්‍රණය එයට පුරවන්න
ඉන්පසු ඔබේ රුචිකත්වය අනුව සාදාගත් උකු හොදි සහිත වැංජනයකට දමා පිළිගැන්විය හැකියි
උපුටා ගැනීම : kitchen.tharunaya.us
Comments
Post a Comment