බින් කර්ඩ් සමග බිම්මල්
අවශ්‍ය ද්‍රව්‍ය
- බින් කර්ඩ් ග්‍රෑම් 500
- බිම්මල් ග්‍රෑම් 250
- ගම්මිරිස් කැබැලි තේ හැඳි 1
- තෙල් ස්වල්පයක්
- රයිස් වයින් තේ හැඳි 2
- ලූනු ගස් 2ක්
- සෝයා සෝස් මේස හැඳි 2
- ඔයිස්ටර් සෝස් මේස හැඳි 2
- සහල් පිටි ටිකක්
- සුදුලූනු බික් 2 යි
- කුඩා ඉඟුරු කැබැල්ලක්
- කෑලි මිරිස් මේස හැඳි 1
- රසට අනුව ලුණු
- තෙල් ටිකක්
බින් කර්ඩ් ටික කුඩා කොටු කපා බැද ගන්න. බිම්මල් සෝදා සිහින් තීරුවලට ඉරා සහල් පිටි ටිකක් ඉස එයද රන්වන් පාටට බැද ගන්න. දැන් ලූනු ගස් ටික සෝදා අඟලේ පමණ කැබැලි කපා ගන්න. ඉඟුරු, සුදුලූනු තලා ගන්න. බඳුනක් ගෙන තෙල් ස්වල්පයක් ළිප තබා රත්වන විට එයට ඉඟුරු සුදුලූනු දමන්න. කෑලි මිරිස්. සෝස් වර්ග දමන්න. රයිස් වයින් ටිකද දමන්න. රයිස් වයින් නොමැති නම් සුදු විනාකිරි ටිකක් දමා සීනි තේ හැඳි 1/2 පමණ එකතු කරන්න. දැන් බැදගත් බින් කර්ඩ් කැබැලි ලුණු, බැදගත් බිම්මල් සමග ලූනුු කොළද එකතු කර කලවම් කර ගන්න.
උපුටා ගැනීම : kitchen.tharunaya.us
Comments
Post a Comment