දෙල් බැදුම
අවශ්‍ය ද්‍රව්‍ය
- දෙල් ගෙඩි 01
- ලුණු ස්‌වල්පයක්
- තෙල් මිලිලීටර් 100
- තක්‌කාලි ගෙඩි 01
- ලොකු ලූනු ගෙඩි 01
- මාළු මිරිස් කරල් 02
- කැබලි මිරිස් තේ හැඳි 1
- කරපිංචා ඉත්තක්
- තලාගත් සුදු ලූනු බික් 02
- තලාගත් ඉඟුරු කැබැල්ලක්
- විනාකිරි ස්‌වල්පයක්
- මිරිස් කුඩු තේ හැඳි 1
පළමුව දෙල් ගෙඩිය හීනි පෙතිවලට කපාගන්න. ඉන් පසු ලුණු ස්‌වල්පයක් දමා ලුණු දෙල් පෙති වල ගෑවෙන සේ අත ගා, ගැඹුරු තෙලේ බැදගන්න. ඉන්පසු තක්‌කාලි ගෙඩිය කපාගන්න. ලොකු ළුණු ,හා මාලු මිරිස් ද සිහින්ව කපන්න. තෙල් ස්‌වල්පයක් ලිප තබා සුදු ළුණු හා තලාගත් ඉඟුරු බදින්න. එයට කරපිංචා, තක්‌කාලි කැබලි, මිරිස්, විනාකිරි ,වතුර කෝප්ප 1/4 ක් දමා කලවම් කර රත්වන්න හරින්න. දැන් බැදගත් දෙල් ද දමා හොඳින් මිශ්‍ර කරන්න.
උපුටා ගැනීම : kitchen.tharunaya.us
Comments
Post a Comment