පොල් කිරි නැතිව කරවල හොදී



ඕන කරන දේ :-
  1.     කට්ට කරවල ග්‍රෑම් 250 ක්
  2.     මී කිරි මේස හැන්දක්
  3.     සුදු කැකුළු හාල් කෝප්පයක් දියේ දමා අඹරාගත්
  4.     බිලිං ගෙඩියක්
  5.     තක්කාලි අවශ්‍යනම්
  6.     සුදු ළුණු
  7.     ලොකු ළුණු
  8.     මිරිස් කුඩු
  9.     රස අනුව ලුණු
  10.     කහ කුඩු ටිකක්
හදන්නේ මෙහෙමයි :-


සාමාන්‍ය කරවල හොද්දක් හදන විදිහමයි.
කරවල සෝදලා, කපලා මීකිරි සහ ඇඹරූ හාල් ටික ඇරෙන්න අනෙක් අඩුවැඩිය එක්ක ලිප තියන්න.
වතුර අඬු කෝප්ප බාගයක් ඒකට එකතු කරන්න.
දැන් මීකිරි සහ සුදු කැකුළු හාල් ටික හොඳින් මිශ්‍ර කර, කරවල බඳුනට දමන්න.
නොනවත්වා හැඳිගාන්න.
මේ කරවල හොද්ද, පොල් කිරෙන් උයන කරවල හොද්දට වඩා කැටි ගැහෙන්න ඉඩ තියෙනවා.

උපුටා ගැනීම : kitchen.tharunaya.us

Comments