පිරවූ දැල්ලන්
අවශ්‍ය ද්‍රව්‍ය
- කුඩා ප්‍රමාණයේ දැල්ලන් ග්‍රෑම් 500
- තරමක් ලොකු
- අල ගෙඩි ගෙඩි 2ක්
- ලොකු ලූනු ගෙඩියකින් 1/2ක්
- තෙල් ටිකක්
- ලුණු රසට අනුව
- ගම්මිරිස් රසන අනුව
දැල්ලන් ගේ ඔළුව සහ උඩ සිවිය ගලවා ඉවත් කරන්න ඉතා හොඳින් පිලී යන ලෙස සෝදන්න. දැන් අල ටික හොඳින් මෘදු වන ලෙස තම්බා ගන්න. බඳුනකට දමා ගත් අල ඉතා හොඳින් පොඩිකරන්න. දැන් ලූනු ඉතාම සිහින්ව චොප් කර ගන්න. තෙල් ඉතාම ස්වල්පයක් ළිප තබා රත්වන විට ලූනු ටික දමන්න අල, ලුණු, ගම්මිරිස් ඉතාම ස්වල්පයක් දමා කලවම් කර ගන්න. දැන් මේ අල මිශ්‍රණය දැල්ලන් තුළට පුරවා ගන්න. ඉන්පසු තෙල් ටිකක් දාගත් පෑන් එකක් මත අඩුක්කර දෙපැත්ත හරවමින් හොඳින් පිස ගන්න.
උපුටා ගැනීම : kitchen.tharunaya.us
Comments
Post a Comment