නෙලුම් අල සම්බෝලය



අවශ්‍ය ද්‍රව්‍ය
  1. නෙලුම් අල ග්‍රෑම් 250
  2. උම්බලකඩ මේස හැඳි 2
  3. රතුලූනු ගෙඩි 20ක් 
  4. අමුමිරිස් කරල් 3-4ක්
  5. ගම්මිරිස් කුඩු තේ හැඳි 1
  6. රස අනුව ලුණු
  7. රස අනුව දෙහි යුෂ 
  8. සිහින්ව ගා ගත් ‍පොල් මිටක් 
  9. කරපිංචා කිනිත්තක් 
සාදන ක්‍රමය

නෙලුම් අලය පිටින් සෝදා වතුර එකතු කර කැකුළු සහල් මිටක් සහ ගොරකා කැබැල්ලක් දමා තම්බා දිය බේරා ගන්න. (නෙලුම් අලයේ තිබෙන විෂ ගති ඇත්නම් ඒවා ඉවත්වීම සඳහාය) දැන් නෙලුම් අල ඉතා සිහින්ව පෙති කපා ගන්න. එයට ලුණු සහ දෙහි යුෂ එකතු කර පැයක් පමණ විවේකීව තබන්න. පැයකට පමණ පසු එයට රතුලූනු, අමුමිරිස්, කරපිංචා සිහින්ව ලියා දමන්න. දැන් ඉතිරි කළමනාද දමා කලවම් කර කෑමට ගන්න. 

උපුටා ගැනීම : kitchen.tharunaya.us

Comments