පොලොස් සීනි සම්බෝලය



මේ දේවල් අවශ්‍යයයි
  1. පොලොස් ගෙඩියක්
  2. සුදුලූනු බික් - 4ක්
  3. රතුලූනු - 250g
  4. ලොකු ලූනු - 250g
  5. කරපිංචා, රම්පේ
  6. ඉඟුරු කැබැල්ලක්
  7. කුරුඳු පොතු ටිකක්
  8. අබ අහුරක්
  9. එනසාල්, කරාබු නැටි
  10. ගම්මිරිස්
  11. කෑලිමිරිස්
  12. මේස හැඳි 1 1/2
  13. උම්බලකඩ හෝ
  14. කූනිස්සන් - 100g
  15. රටඉඳි - ‍ගෙඩි 8
  16. ලුණු රස අනුව
  17. පොල්තෙල් අවශ්‍ය පමණ
සාදන ක්‍රමය:-

මුලින් ම පොලොස් ගෙඩිය සිහින්ව ලියා ගන්න. ඉන්පසුව උම්බලකඩ (කැබැලි ලෙස) හෝ කූනිස්සන් හොඳින් සෝදා ගන්න. රතු ලූනු, ලොකු ලූනු, සුදු ලූනු, ඉඟුරු හා කරපිංචා ද සිහින්ව ලියා ගන්න. අබ අඹරා ගන්න. දැන් පොලොස් කැබැලිගෙන ලුණු හා කහ ස්වල්පයක් දමා අතගා ගැඹුරු තෙලේ දමා රන්වන් පාට වන තෙක් බැදගන්න. දැන් කූනිස්සන් හෝ උම්බලකඩ, රතුලූනු, ලොකුලූ ලූනු හා කරපිංචා ද සරසර ගාන්නට බැදගන්න. පසුව මැටි භාජනයකට තෙල් ස්වල්පයක් දමා ළිප තබන්න. රත්වන විට එයට ඉඟුරු, සුදුලූනු දමා බැදෙන්නට හරින්න. ඉන්පසුව රම්පේ, අඹරාගත් අබ, එනසාල්, කරාබු නැටි, කුරුඳු පොතු, කෑලිමිරිස්, ගම්මිරිස්, ලුණු, රටඉඳි ආදිය ද එකතු කරන්න. අවසානයේ කලින් බැද සකසා ගත් පොලොස් සහ බැදගත් සියල්ල දමා හොඳින් කලවම් කරගන්න.

මෙය නිවුණු පසු භාජනයක අසුරා තබාගෙන දිනක් දෙකක් පමණ පාන් බනිස් ආදිය සමඟ ආහාරයට ගත හැකියි.

උපුටා ගැනීම : kitchen.tharunaya.us

Comments