කෙසෙල් මුව ක්‍රිස්පී



අවශ්‍ය ද්‍රව්‍ය,
  1.     කෙසෙල් මුව 01
  2.     කෝන් පිටි ග්‍රෑම් 50
  3.     ළූණු කොළ ග්‍රෑම් 75 (අඟල් 1 1/2 දිගට කැපූ)
  4.     ඇට ඉවත් කර දිගට කපා ගත මාළු මිරිස් කරල් 03
  5.     කෑලි මිරිස් ග්‍රෑම් 30
  6.     සුදු ළූණු බික් 03
  7.     බටර් හෝ මාගරින් ග්‍රෑම් 50
  8.     අවශ්‍ය තරමට තෙල්, ලුණු හා ගම්මිරිස්
සාදන ක්‍රමය

කෙසෙල් මුව ගෙන එහි මෘදු කොටසින් පියලි ගලවා කපා ගන්න
ඉන්පසුව එයට කෝන් පිටි, ලුණු, ගම්මිරිස් හා වතුර ස්වල්පයක් දමා අතගා තෙලෙහි බැද ගන්න
භාජනයක් ගෙන එය ලිප තබා එයට බටර් එකතු කරගන්න
බටර් රත්වූ පසු සුදු ළූණු හා කෑලි මිරිස් එක් කර ගන්න
පසුව මාළු මිරිස් හා ළූණු කොළද එකතු කරන්න
ලුණු හා ගම්මිරිස් අවශ්‍ය ප්‍රමාණයට දමා පිළිගන්වන්න 

උපුටා ගැනීම : kitchen.tharunaya.us

Comments