Posts

Showing posts from September, 2018

කූනිස්සන් තක්කාලි තෙම්පරාදුව

Image
අවශ්‍ය ද්‍රව්‍ය වියළි කූනිස්සන් ග්‍රෑම් 250 තක්කාලි ග්‍රෑම් 100 අමුමිරිස් කරල් 4 යි රතුලූනු ග්‍රෑම් 100 කෑලි මිරිස් තේ හැඳි 3 ගම්මිරිස් කුඩු තේ හැඳි 1 කහකුඩු තේ හැඳි 1/2 රම්පේ කැබැල්ලක් කරපිංචා කිනිති 2ක්   තෙල් මේස හැඳි 2-3ක්   පදමට ලුණු සාදන ආකාරය    කූනිස්සන් ඉතා හොඳින් වැලි ඉවත්වී යන ලෙස සෝදා දිය බේරෙන්නට තබන්න. තක්කාලි, අමුමිරිස්, රතුලූනු, සිහින්ව කපා ගන්න. තෙල් ටික ළිප තබා රත්වන විට එයට රම්පේ, කරපිංචා, ලූනු, අමුමිරිස්, තක්කාලි දමා තෙම්පරාදු වන්නට හරින්න. තෙම්පරාදු වී ගෙන එන විට කූනිස්සන් ද දමා හොඳින් මිශ්‍රකර තුනපහ වර්ග ද දමා කලවම් කරමින් මලවා ගන්න.  උපුටා ගැනීම : kitchen.tharunaya.us

හාල්මැස්සන් මිශ්‍ර තිබ්බටු මැල්ලුම

Image
අවශ්‍ය ද්‍රව්‍ය තිබ්බටු ග්‍රෑම් 250 හාල්මැස්සන් ග්‍රෑම් 75 රතුලූනු ගෙඩි 2-3ක් අමුමිරිස් කරල් 2 ක් කරපිංචා කිනිත්තක් සුදුලූනු බික් 2ක්   කහකුඩු තේ හැඳි 1/4 අබ ඇට තේ හැඳි 1/2 සිහින්ව ගා ගත් ‍පොල් අඬු කෝප්පයක්   මිටිකිරි අඬු කෝප්ප 1/4 ලුණු රසට අනුව   තෙල් මේස හැඳි 3-4 සාදන ආකාරය    තිබ්බටු වල නැටි ගලවා සෝදා වතුර ඉතා ස්වල්පයක් සහ ලුණු දමා ළිප තබන්න. දිය සිදී එය හොඳින් තැම්බුනු පසු හැන්දක් ගෙන එය හොඳින් ‍පොඩිකර ගන්න. දැන් හාල්මැස්සන් හොඳින් පිලී ඉවත්ව යන ලෙස සෝදා දිය බේරා ගන්න. ‍පොල් වලට, අබ, කහ, සුදුලූනු, කරපිංචා, ලූනු, අමුමිරිස් එකතුකර හොඳින් අඹරා ගන්න. දැන් බඳුනක් ගෙන එය තෙල් දමා ළිප තබන්න. රත්වන විට හාල්මැස්සන් දමා බැදෙන්නට හරින්න. බැඳීගෙන එනවිට අඹරාගත් ‍පොල් මිශ්‍රණය සහ ‍පොඩිකරගත් තිබ්බටු දමා හොඳින් මිශ්‍ර කරන්න. මිටිකිරි ටික දමා යන්තමට මලවා ගන්න.  උපුටා ගැනීම : kitchen.tharunaya.us

කරවල මිශ්‍ර අර්තාපල් බැදුම

Image
අවශ්‍ය ද්‍රව්‍ය කට්ටා කරවල ග්‍රෑම් 250 අර්තාපල් ග්‍රෑම් 150 ලොකුලූනු ගෙඩියක්   අමුමිරිස් කරල් 3-4ක්   කහ කුඩු ස්වල්පයක්   රම්පේ කැබැල්ලක්   කරපිංචා කිනිත්තක්   කෑලි මිරිස් මේස හැඳි 1 බැද ගැනීමට තෙල්   රසට අනුව ලුණු සාදන ආකාරය    කරවල ඉතා හොඳින් පිලී යන ලෙස සෝදා දිය බේරාගන්න. අල ලුණු දමා බෙරි නොවන සේ තුන් කාලට තම්බා ගන්න. දැන් අල තරමක කැබැලිවලට කපන්න. මේ දෙවර්ගයම වෙන වෙනම රත්වූ ගැඹුරු තෙලට දමා බැදගන්න.  දැන් සිහින්ව පෙති කපාගත් ලූනු, සිහින්ව දිගට කපාගත් අමුමිරිස්, තෙල් ටිකක බැදෙන්නට හරින්න. එය බැදීගෙන එන විට කෑලි මිරිස් කහ කුඩු එකතු කරන්න. රම්පේ, කරපිංචා දමන්න. දැන් බැදගත් අල සහ කරවල දමා හොඳින් මිශ්‍ර කරගන්න.  උපුටා ගැනීම : kitchen.tharunaya.us

පලා ඔම්ලට්

Image
අවශ්‍ය ද්‍රව්‍ය  මුකුණුවැන්න දලු මිටක්   ගොටුකොළ මිටක්   බිත්තර 4ක් අමුමිරිස් කරල් 2යි කෑලි මිරිස් තේ හැඳි 1 ලුණු රසට අනුව   එළඟිතෙල් ටිකක් උම්බලකඩ කැබැලි මේස හැඳි 1 රතු ලූනු ගෙඩි 5-6ක්   සාදන ආකාරය  පලා වර්ග සෝදා හොඳින් දිය බේරා ගන්න. ඒවා සිහින්ව කපා ගන්න. රතුලූනු, අමුමිරිස්ද සිහින්ව ලියාගන්න. භාජනයක් ගෙන එයට කපාගත් රතුලූනු, අමුමිරිස්, පලා ටික දමන්න. දැන් එයට ලුණු කුඩු, ගම්මිරිස් කුඩු, කෑලි මිරිස් දමන්න. හොඳින් මිශ්‍ර කරන්න. දැන් එළඟිතෙල් දමාගත් පෑන් එකක් ළිප තබන්න. රත්වූ විට පලා මිශ්‍රණය දමා තෙම්පරාදු වන්නට හරින්න. බිත්තර කඩා බඳුනකට දමා හොඳින් තට්ටු කරන්න. දැන් බැදීගෙන එන පලා උඩින් බිත්තර සාරු වත්කර දෙපැත්ත දමා ඔම්ලට් සාදාගන්න.  උපුටා ගැනීම : kitchen.tharunaya.us

බිත්තර කට්ලට්

Image
අවශ්‍ය ද්‍රව්‍ය තම්බාගත් බිත්තර 5යි මාළු මිරිස් කරල් 2යි තම්බාගත් සුදු මාළු වර්ගයකින් ග්‍රෑම් 200 රතුලූනු ගෙඩි කීපයක්   ලුණු රසට අනුව   ගම්මිරිස් රසට අනුව   දෙහි යුෂ ස්වල්පයක්   පාන්පිටි ටිකක්   බිස්කට් කුඩු අවශ්‍ය තරමට   තම්බාගත් අර්තාපල් ගෙඩි 3යි බැදගැනීමට තෙල්   සාදන ආකාරය  තම්බාගත් මාළුවල කටු ඉවත් කර අතින් කුඩුකර බඳුනකට දමන්න. තම්බාගත් අලද ‍පොතු ඉවත් කර අතින් ‍පොඩිකර එයට එකතු කරන්න.  දැන් මාළුමිරිස්, රතුලූනුද ඉතාම සිහින්ව කපා ගන්න. එයට ලුණු, ගම්මිරිස්, දෙහි යුෂ එකතු කර හොඳින් මිශ්‍ර කර ගන්න. දැන් මේ මිශ්‍රණය තෙල් ටිකක් රත්කර තෙම්පරාදු කර නිවෙන්නට හරින්න. තම්බාගත් ‍පොතු ඉවත් කරගත් බිත්තර දික් අතට දෙකට පලා ගන්න. දැන් එහි පලුවක් මත ඉතිරි අඩ සම්පූර්ණ වන ආකාරයට අල මිශ්‍රණය තබා අතින් තද කර ගන්න.  දැන් මේ බිත්තර කට්ලට්, පාන්පිටිවලින් සාදාගත් බැටරයක ගිල්වා පාන්කුඩු මත පෙරලා රත්වූ ගැඹුරු තෙලට දමා රන්වන් පාටට බැදගන්න.  උපුටා ගැනීම : kitchen.tharunaya.us

කොහිල අල සම්බෝලය

Image
අවශ්‍ය ද්‍රව්‍ය - ළපටි කොහිල අල කැබැල්ලක්. අමු මිරිස් කරල් 2යි රතුලූනු අහුරක් සිහින්ව ගා ගත් ‍පොල් මිටක් ලුණු කුඩු රසට අනුව දෙහි යුෂ රසට අනුව. සාදන ආකරය,   කොහිලවල පිට ‍පොත්ත හැර අඟ‍ලේ පමණ කැබැලි වලට කපා නූල් ඇර ගන්න. දැන් ඉතාම සිහින් කෙඳිති ලෙස ලියාගන්න. අමුමිරිස් සහ රතුලූනුද ලියා ගන්න. දැන් බඳුනක් ගෙන එයට ‍පොල්, රතුලූනු, අමුමිරිස්, ලුණු, දෙහි යුෂ දමා මිශ්‍ර කරන්න. කොහිල අල කෙඳි දමා ‍පොඩි නොවන සේ මිශ්‍රකර රස බලන්න.ලියාගන්න. අමුමිරිස් සහ රතුලූනුද ලියා ගන්න. දැන් බඳුනක් ගෙන එයට ‍පොල්, රතුලූනු, අමුමිරිස්, ලුණු, දෙහි යුෂ දමා මිශ්‍ර කරන්න. කොහිල අල කෙඳි දමා ‍පොඩි නොවන සේ මිශ්‍රකර රස බලන්න.  උපුටා ගැනීම : kitchen.tharunaya.us

වම්බටු සම්බෝලය

Image
අවශ්‍ය ද්‍රව්‍ය - වම්බටු කරල් 5-6ක් රතුලූනු ගෙඩි 10ක් පමණ අමුමිරිස් කරල් 2යි රතුපාට ඉඳුණු තක්කාලි ගෙඩියක් අඹරාගත් අබ තේ හැඳි 1 ලුණු රසට අනුව විනාකිරි මේස හැඳි 2 බැද ගැනීමට තෙල් සාදන ආකරය,   වම්බටු සෝදා සිහින් පෙතිවලට කපා රත්වූ ගැඹුරු තෙ‍ලේ රන්වන් පාටට බැද තෙල් බේරෙන්නට හරින්න. රතුලූනු, අමුමිරිස්, තක්කාලි කුඩා කොටු ලෙස කපාගන්න. දැන් බඳුනක් ගෙන එයට විනාකිරි, ලුනු, අබ දමා හොඳින් මිශ්‍ර කරන්න. දැන් කපාගත් ලූණු, අමුමිරිස්, තක්කාලි සහ බැදගත් වම්බටු දමා ‍පොඩි නොවන සේ මිශ්‍රකර කෑමට ගන්න.  උපුටා ගැනීම : kitchen.tharunaya.us

තක්කාලි සහ ලොකු ලූනු මුදවපු කිරි සමග

Image
අවශ්‍ය ද්‍රව්‍ය - ලොකු තක්කාලි ගෙඩි 3ක් ලොකු ලූනු ගෙඩියක්, මාලු මිරිස් කරල් 2 මී කිරි අඬු කෝප්ප 4/1 ලුණු කුඩු රසට අනුව ගම්මිරිස් කුඩු ස්වල්පයක් දෙහි යුෂ රසට අනුව සාදන ආකාරය,   ලොකු ලූනු, තක්කාලි සිහින් පෙතිවලට කපාගන්න. මාලු මිරිස්ද සිහින් දිගැටි තීරු ලෙස කපාගන්න. දැන් මේ සියල්ල දමා එයට ලුණුදෙහි, ගම්මිරිස් සහ මී කිරි දමා ‍පොඩි නොවන සේ මිශ්‍රකර කෑමට ගන්න. උපුටා ගැනීම : kitchen.tharunaya.us

බැදගත් ගොටුකොළ සම්බෝලය

Image
අවශ්‍ය ද්‍රව්‍ය - ගොටුකොළ දෙමිටක් පමණ. රතුලූනු දෙමිටක්. අමුමිරිස් කරල් 5ක් පමණ, වියළි මිරිස් කැබලි තේ හැඳි 1 රටකජු පියලි මේස හැඳි 2 බැද ගැනීමට තෙල් ලුණු කුඩු රසට අනුව දෙහි යුෂ ටිකක්. සාදන ආකාරය,   ගොටුකොළ සෝදා දිය බේරා ගන්න. රතුලූනු සිහින් පෙතිවලට කපාගන්න. අමුමිරිස් දික් අතට කැබලි කපාගන්න. රටකජුද ‍පොතු ගලවා පියලි කරන්න. දැන් මේ සියල්ල වෙන වෙනම රත්වූ ගැඹුරු තෙ‍ලේ රන්වන් පාටට බැද තෙල් බේරෙන්නට හරින්න. අවසානයේ ඒවා බඳුනකට දමා ලුණු, කෑලි මිරිස්, දෙහි යුෂ දමා උඩ දමමින් කළවම් කර ගන්න.  උපුටා ගැනීම : kitchen.tharunaya.us

මික්ස් වෙජිටබල් කරිය

Image
අවශ්‍ය ද්‍රව්‍ය කැරට් ග්‍රෑම් 100 අර්තාපල් ග්‍රෑම් 100 බෝංචි ග්‍රෑම් 100 බිම්මල් ග්‍රෑම් 100 තම්බාගත් ග්‍රීන්පීස් ග්‍රෑම් 100 කහ කුඩු තේ හැඳි 1/2 රම්පේ කැබැල්ලක්   තුනපහ කුඩු තේ හැඳි 2 ගම්මිරිස් කුඩු තේ හැඳි 1/2 සිහින්ව ලියාගත් ලූනු ග්‍රෑම් 10 සිහින්ව ලියාගත් සුදුලූනු ග්‍රෑම් 10 මිටිකිරි අඬු කෝප්ප 2 දියකිරි අඬු කෝප්ප 2, රසට අනුව ලුණු සාදන ආකාරය    සියලුම එළවළු වර්ග සෝදා කොටු ලෙස කපා ගන්න. ඇතිලියක් ගෙන සියලුම එළවළු, පහේ වර්ග දමා හොඳින් අතගා, දියකිරි දමා ළිප තබන්න. හොඳින් තැම්බිගෙන එද්දී මිටිකිරි දමා නටවා බිමට බා ගන්න. එළවළු වර්ගවල පාට ආරක්ෂාවන ආකාරයට පිස ගැනීමට ප්‍රවේශම් වන්න.  උපුටා ගැනීම : kitchen.tharunaya.us

කරවල මිශ්‍ර අඹ හොද්ද

Image
අවශ්‍ය ද්‍රව්‍ය හොඳින් පැසුනු අඹ ගෙඩි 2ක් කට්ටා කරවල ග්‍රෑම් 250 දියකිරි අඬු කෝප්ප 1 සුදුලූනු බික් 2යි   අමුමිරිස් කරල් 2-3ක්   රතුලූනු ගෙඩි කීපයක්   රම්පේ කැබැල්ලක් කරපිංචා කිනිත්තක් ලුණු රසට අනුව   මිරිස් කුඩු මේස හැඳි 1 තුනපහ කුඩු තේ හැඳි 1 කහ ස්වල්පයක්   තෙල් මේස හැඳි 1 මිටිකිරි අඬු කෝප්ප 2 සාදන ආකාරය    කරවල තරමක කැබැලි වලට කපා පිළීයන ලෙස හොඳින් අතුල්ලා සෝදා ගන්න.  රතුලූනු, අමුමිරිස් සිහින්ව කපා ගන්න. අඹ ගෙඩි ‍පොතු සහ ඇටය ඉවත් කර සිහින් තීරුවලට කපා ගන්න. දැන් මැටි හට්ටියක් ළිප තබා රත්වන විට රම්පේ, කරපිංචා, තලාගත් සුදුලූනු, රතුලූනු, අමුමිරිස් සහ කරවල කැබැලි දමා තෙම්පරාදු වන්නට හරින්න. කහ කුඩු, මිරිස්, තුනපහ, දියකිරි වලට මිශ්‍ර කර ගන්න. දැන් අඹ කැබැලිද දමන්න. දියකිරි ද දමා මදගින්දරේ තැම්බෙන්න හරින්න. කරවල කැබැලි හොඳින් තැම්බිගෙන එද්දී මිටිකිරි දමා කලවම් කර නටවා ගන්න.  උපුටා ගැනීම : kitchen.tharunaya.us

රස වෑහෙන ටින්මාළු කරිය

Image
ලංකාවේ බොහෝ දෙනා අතර සැමන් (ටින්මාළු) ජනප්‍රිය කෑමක්. ඉතින් ඉක්මනින් පහසුවෙන් සැමන් කරියක් රසට හදා ගමු නේද? අවශ්‍ය ද්‍රව්‍ය :     පොඩි සැමන් ටින් 1     උකු පොල් කිරි කෝප්ප 1/4     කුඩාවට කපා ගත් රතු ළූණු සහ අමු මිරිස්     කුඩා තක්කාලි ගෙඩි 1     තලා ගත් සුදු ළූණු බික් 2     රම්පේ සහ කරපිංචා ස්වල්පයක්     එනසාල් කරලක්     තුඩා කුරුඳු පොත්තක්     තුන පහ කුඩු තේ හැඳි 1/2     කහ කුඩු තේ හැඳි ¼     මිරිස් කුඩු තේ හැඳි 1     මාගරින් හෝ තෙල් ස්වල්පයක්     ගම් මිරිස් කුඩු     රස අනුව ලුණු  සාදන අයුරු : පළමුවෙන්ම ඇතිලියක් මද ගින්දරේ ලිප තබා තෙල් ස්වල්පයක් එක් කරන්න. එයට මිරිස් කුඩු ටික එක් කර  බැදෙන්න හරින්න. එයටම සුදු ළූණු, රම්පේ, කරපින්චා, තක්කාලි, එනසාල්, කුරුඳු, තුන පහ,  ගම් මිරිස්, කහ  ආදිය එක් කොට මද වේලාවක් තෙම්පරාදු කරන්න. අනතුරුව සැමන් එකේ වතුර ටික එක් කර එය උතුරන විට  පොල් කිරි ටික එක් කර සැමන් කැබලි ටික ද එක් කරන්න. කිරි උතුරා තෙල් පෑදී කරිය උකු වන තෙක් පිස ගන්න. කැමති නම් සැමන් කරිය ලිපෙන් බා ගත් පසු දෙහි යුෂ ස්වල්පයක් ද එක් කර ගැනීමෙන් රස වැඩි කර ගත හැක. සැමන්

බැටර් ෆ්‍රයිඩ් සැමන්

Image
අවශ්‍ය ද්‍රව්‍ය සැමන් ටින් 1යි පාන්පිටි ග්‍රෑම් 200ක් පමණ ‍පොල්කිරි අඬු කෝප්ප 1/2 ඉතාම කුඩා ඉඟුරු කැබැල්ලක් රතුලූනු ගෙඩි 3-4ක් සුදුලූනු බික් 2-3ක් බිත්තරයක් යීස්ට් තේ හැඳි 1/2 කෑලි මිරිස් තේ හැඳි 1 ලුණු රසට අනුව බැදගැනීමට තෙල් සාදන ආකාරය සැමන් ටින් එක කඩා දියර අස්කර කටු ඉවත් කරගත් සැමන් කුට්ටි, තීරුවලට ගලවා ගන්න. දැන් පාන්පිටිවලට ‍පොල් කිරි, රතුලූනු, සුදුලූනු, ඉඟුරු, කෑලි මිරිස්, බිත්තර, යීස්ට්, ලුණු දමා හොඳින් බ්ලෙන්ඩර් කර ඉතා උකු පාප්පයක් සාදාගන්න. දැන් තෙල් ටික ළිප තබා රත්කරන්න. සැමන් තීරු එක බැගින් ගෙන බැටරයේ ගිල්වමින් රත්වූ තෙලට දමා රන්වන් පාටට බැද ගන්න. උණුසුම තිබෙන විටම පිළිගන්වන්න. උපුටා ගැනීම : kitchen.tharunaya.us