Posts

Showing posts from November, 2018

කෙසෙල් මුව සීනි සම්බෝලය

Image
අවශ්‍ය ද්‍රව්‍ය කෙසෙල් මුව 1 තෙල් ස්වල්පයක් ලොකු ළුණු ගෙඩි 1 උම්බලකඩ මේස හැදි 1 සුදුළුණු ඉඟුරැ සීනි තේ හැදි 1 ලුණු, කහතක්කාලි ගෙඩි 1 අමු මිරිස් කරල් 2 – 3 ක්කැබලි මිරිස් පොල් කිරි කෝප්ප ¼ සාදන අන්දම  කෙසෙල් මුව පොතු හැර මැද කොටස සිහින්ව ලියා ගන්න. වතුරට ලුණු හා කහ දමා කෙසෙල් මුව එයට එකතු කරන්න. මිරිකා ඉවතට ගෙන ගැඹුරැ තෙලට දමා බඳින්න. තක්කාලි ගෙඩිය කුඩාවට කපා ගන්න. ලොකු ළුණු ද කපන්න. තෙල් මේස හැදි ½ක් ලිප තබා ඉඟුරැ, සුදුළුණු දමා බඳින්න. තක්කාලි, ළුණු,කැබලි මිරිස්, උම්බලකඩ, අමුමිරිස්, කරපිංචා දමා එයටම කෙසෙල් මුව දමා පිසින්න. පොල් කිරි සමඟ සීනිත් දමා හිදෙන්න උයා ගන්න.  උපුටා ගැනීම : kitchen.tharunaya.us

පොලොස් සීනි සම්බෝලය

Image
මේ දේවල් අවශ්‍යයයි පොලොස් ගෙඩියක් සුදුලූනු බික් - 4ක් රතුලූනු - 250g ලොකු ලූනු - 250g කරපිංචා, රම්පේ ඉඟුරු කැබැල්ලක් කුරුඳු පොතු ටිකක් අබ අහුරක් එනසාල්, කරාබු නැටි ගම්මිරිස් කෑලිමිරිස් මේස හැඳි 1 1/2 උම්බලකඩ හෝ කූනිස්සන් - 100g රටඉඳි - ‍ගෙඩි 8 ලුණු රස අනුව පොල්තෙල් අවශ්‍ය පමණ සාදන ක්‍රමය:- මුලින් ම පොලොස් ගෙඩිය සිහින්ව ලියා ගන්න. ඉන්පසුව උම්බලකඩ (කැබැලි ලෙස) හෝ කූනිස්සන් හොඳින් සෝදා ගන්න. රතු ලූනු, ලොකු ලූනු, සුදු ලූනු, ඉඟුරු හා කරපිංචා ද සිහින්ව ලියා ගන්න. අබ අඹරා ගන්න. දැන් පොලොස් කැබැලිගෙන ලුණු හා කහ ස්වල්පයක් දමා අතගා ගැඹුරු තෙලේ දමා රන්වන් පාට වන තෙක් බැදගන්න. දැන් කූනිස්සන් හෝ උම්බලකඩ, රතුලූනු, ලොකුලූ ලූනු හා කරපිංචා ද සරසර ගාන්නට බැදගන්න. පසුව මැටි භාජනයකට තෙල් ස්වල්පයක් දමා ළිප තබන්න. රත්වන විට එයට ඉඟුරු, සුදුලූනු දමා බැදෙන්නට හරින්න. ඉන්පසුව රම්පේ, අඹරාගත් අබ, එනසාල්, කරාබු නැටි, කුරුඳු පොතු, කෑලිමිරිස්, ගම්මිරිස්, ලුණු, රටඉඳි ආදිය ද එකතු කරන්න. අවසානයේ කලින් බැද සකසා ගත් පොලොස් සහ බැදගත් සියල්ල දමා හොඳින් කලවම් කරගන්න. මෙය නිවුණු පසු භාජනයක අසුරා තබාගෙ

දෙල් බැදුම

Image
අවශ්‍ය ද්‍රව්‍ය දෙල් ගෙඩි 01 ලුණු ස්‌වල්පයක්‌ තෙල් මිලිලීටර් 100 තක්‌කාලි ගෙඩි 01 ලොකු ලූනු ගෙඩි 01 මාළු මිරිස්‌ කරල් 02 කැබලි මිරිස්‌ තේ හැඳි 1 කරපිංචා ඉත්තක්‌ තලාගත් සුදු ලූනු බික්‌ 02 තලාගත් ඉඟුරු කැබැල්ලක්‌ විනාකිරි ස්‌වල්පයක්‌ මිරිස්‌ කුඩු තේ හැඳි 1 සාදන ක්‍රමය පළමුව දෙල් ගෙඩිය හීනි පෙතිවලට කපාගන්න. ඉන් පසු ලුණු ස්‌වල්පයක්‌ දමා ලුණු දෙල් පෙති වල ගෑවෙන සේ අත ගා, ගැඹුරු තෙලේ බැදගන්න. ඉන්පසු තක්‌කාලි ගෙඩිය කපාගන්න. ලොකු ළුණු ,හා මාලු මිරිස්‌ ද සිහින්ව කපන්න. තෙල් ස්‌වල්පයක්‌ ලිප තබා සුදු ළුණු හා තලාගත් ඉඟුරු බදින්න. එයට කරපිංචා, තක්‌කාලි කැබලි, මිරිස්‌, විනාකිරි ,වතුර කෝප්ප 1/4 ක්‌ දමා කලවම් කර රත්වන්න හරින්න. දැන් බැදගත් දෙල් ද දමා හොඳින් මිශ්‍ර කරන්න.  උපුටා ගැනීම : kitchen.tharunaya.us

කරවිල වලින් අච්චාරු

Image
අවශ්‍ය ද්‍රව්‍ය :  කරවිල ගෙඩි 4ක්,  වියලි මිරිස් අවුන්ස 1/2,  සුදු ළූණු අවුන්ස ¼,  අබ අවුන්ස ¼,  අමු ඉගුරු අවුන්ස ½,  විනාකිරි අවුන්ස ¼,  පොල්තෙල් ,  ලුනු. සාදන ක්‍රමය : කරවිල වල ඇට ඉවත් කර දිග අතට පෙති කපා ගන්න. මෙ‍කෙරවිල පෙති විනාකිරෙන් ලිප මත තබා තැම්බෙන්නට හැර පොල්තෙලෙන් රන්වන් පාට වනතුරු බැද ගන්න. වියලි මිරිස් අවුන්ස 1/2, සුදු ළූණු අවුන්ස ¼, අබ අවුන්ස ¼, අමු ඉගුරු අවුන්ස ½, විනාකිරෙන් අබරන්න. ඒවා උකු ගතියෙන් වැඩිනම් ඉතිරි විනාකිරි වලින් ඒ ද්‍රව්‍ය එක්කොට මදක් දියකරගන්න. පලමුව රන්වන් පාට වනතුරු බැදගත් කරවිල වලට මෙම මිශ්‍රනය එක්කොට හොදින් කලවම් කරගන්න. දින කිහිපයක් වුවද තබාගෙන ආහාරයට ගත හැකිය.  උපුටා ගැනීම : kitchen.tharunaya.us

ඇපල් ව්‍යාංජනය

Image
අවශ්‍ය දේවල්  (මෙය 3/4දෙනෙකුට සෑහෙන ප්‍රමාණයකි.) ලොකු කොළ ඇපල් ගෙඩි 2ක්, මැද ඇට සහිත නාරටි කොටස ඉවත්කර සාමාන්‍ය තීරුවලට කපාගන්න.(ග්‍රැනී ස්මිත් granny smith ඇපල්). ගොඩක් ඇඹුල් නම් වඩාත් සුදුසුයි. සිහින්ව කපාගත් බී ළුනු බාගයක් පොඩයට කපාගත් සුදු ළුනු බික්3/4 අඹ තේ.හැදි 1ක් ඉගුරැ කැල්ලක් රම්පේ , කරපිංචා   සිහින්ව කපාගත් අමු මිරිස් කරල් 2/3 කැලි මිරිස් තේ.හැදි 2ක් මිරිස් කුඩු තේ.හැදි 1ක් බැදපු තුනපහා මෙ.හැදි 1.5ක් පොඩි හකුරැ කැලි 2ක් පොල් කිරි කොප්ප කාලක්. සාදාගන්නා ආකාරය    මැටි හට්ටියක්(වඩාත් සුදුසුයි) හෝ පෑන් එකක් ලිපේ තියලා ඒකට තෙල් මේස හැන්දක් දාලා රත්වෙද්දි අබ ඇට ටිකක්, චොප් කරගත්ත සුදුළූණු,ඉගුරු,කරපිංචා,රම්පෙ,ලූණු ගෙඩි බාගයක් පෙති කපලා,අමුමිරිස් කරල් දෙකක් කපලා(මං දැම්මෙ ඉදිච්ච මිරිස්)දාලා යාන්තමට බැදෙනකොට ඇපල් ටික දාන්න.ඊට පස්සෙ බැදපු තුනපහ මේස හැදි එකහමාරක් විතර, ලුණු, කෑලි මිරිස් ටිකක්, මිරිස් කුඩු ටිකක් දාලා හොදට කලවම් කරන්න. වතුර ටිකක් උණනකොට හකුරු පොඩි කෑලි දෙකක් දාලා දියවෙන්න හැදිගාන්න.(සීනි/කිතුල් පැණි වුණත් හොදයි.)දැන් වතුර මේස හැදි 2ක් දාලා හැදි ගාලා මූඩ

Special මික්ස් මීට් චයිනිස්

Image
අවශ්‍ය ද්‍රව්‍ය තම්බා ගත් නූඩ්ල්ස් 100g කොටු කපා ගත් ඉස්සන් 10g කොටු කපා ගත් කුකුළු මස් 10g කොටු කපා ගත් ගෝවා 10g කොටු කපා ගත් නිවිති 10g කැමති ආකාරයකට කපා ගත් යංකෝන් 2ක් යංකෝන් කරල් 2ක්කපාගත් ඩ්‍රැගන් ෆෘට් 30g කපාගත් කැරට් 20g කපාගත් ගර්කින් 10g මෂ්රෑම් දිගට ඉරාගත් 10g බ්ලැක් බීන් සෝස් තේ හැදි 2-3ක් ඔයිස්ටර් සෝස් තේ හැදි 2 ගම්මිරිස් කුඩු තේ හැදි 1 ලූනු කොළ 20 බිත්තර 1 සෝයා සෝස් තේ හැදි 1 එළවලු තෙල් 50ml වතුර 100ml ලුණු රස පදමට සාදන අන්දම  ප්‍රථමයෙන් භාඡනයක් ගෙන සාමාන්‍ය ප්‍රමාණයට තෙල් එකතු කරන්න. ඉන්පසු කපාගත් ඉස්සන් හා කුකුළු මස් පදම් කර හොදින් බැදගන්න. ඉන්පසු තව භාඡනයක් ළිප මත තබා එයට වතුර දමන්න. පසුව එය රත්වූ පසු කපා ගත් ගෝවා, කැරට්, නිවිති, යංකෝන්, බට්න් මෂ්රෑම්, ගර්කින් හා මෂ්රෑම් එක්කර මද වේලාවක් තම්බා එය හොදින් වතුර පෙරා ගන්න. ඉන්පසු වෙනත් භාඡනයක් ළිප මත තබා එයට තෙල් ස්වල්පයක් දමා එය රත් වූ පසු බිත්තරය එකතු කරන්න. ඉන්පසු එයට තම්බා ගත් නූඩ්ල්ස් ටික එකතු කර හොදින් ෆ්‍රයි කරන්න. ඉන්පසු එයට බ්ලැක් බීන් සෝස්,ඔයිස්ටර් සෝස් හා ගම්මිරිස් කුඩු එකතු කර හොදින් ක

අඹ මෝජු

Image
අවශ්‍ය ද්‍රව්‍ය අමු අඹ ගෙඩි - 3 බැදගත් තුනපහ මේස හැඳි - 11/2 මිටිකිරි කෝප්ප - 2 දියකිරි කෝප්ප - 1‍ බැදගත් මිරිස් කුඩු තේ හැඳි - 1 ගම්මිරිස් කුඩු තේ හැඳි - 1 රතුලූනු ගෙඩි - 10 සුදු ලූනු බික් - 5 කුරුඳු පොතු කරපිංචා ස්වල්පය බැඟින් අමුමිරිස් කරල් - 4 කහකුඩු තේ හැඳි - ½ උම්බලකඩ මේස හැඳි - 1 අඹරාගත් අබ තේ හැඳි - ½ ලුණු රස පදමට සාදන ආකාරය අඹ කැබලි වලට කපා ගන්න. බැදගත් තුනපහ, වියළි මිරිස්, රතුලූනු, සුදුලූනු, කුරුඳු පොතු, රම්පේ, කරපිංචා, කහ, අමු මිරිස්, උම්බලකඩ, ලුණු, ගම්මිරිස්, ඇතිලියකට දමා ඊට අඹ කැබලි දමා හොඳින් කලවම් කරගන්න. පසුව එයට දියකිරි එක්කර ළිප මත තබා තැම්බී එනවිට මිටිකිරි ද එක්කර උතුරවා ළිපෙන් බාගන්න. තෙම්පරාදු කළවිට රසය තවත් පංකාදු ය.  උපුටා ගැනීම : kitchen.tharunaya.us

උම්බලකඩ සම්බෝල

Image
කටට රසට කන්නට ප්‍රිය කරන ශ්‍රී ලාංකීකයනට උම්බලකඩ සම්බෝල නැතිවම බැරි කෑමක්. අවශ්‍ය ද්‍රව්‍ය :     හොඳින් කුඩු කර ගත් උම්බලකඩ ග්‍රෑම් 400     දිගු අතට සිහින්ව කපා ගත් බී ළූණු ග්‍රෑම් 750 g     කුඩාවට කපාගත් සුදු ළුෑණු බික් 2     දෙහි ගෙඩියක යුෂ     කරපිංචා කොළ ස්වල්පයක්     අවශ්‍ය ප්‍රමාණයට කෑළි මිරිස්     කුරුඳු පොතු කැබැල්ලක්     තලාගත් කරදමුංගු කරල් කිහිපයක්     රස අනුව ලුණු     රස අනුව සීනි ස්වල්පයක්     බැදීමට තෙල් සාදන අයුරු : පළමුවෙන්ම ගැඹුරු භාජනයකට තෙල් වැඩිපුර දමා මද ගින්දරේ තබා තෙල් ටික රත් වු පසු එයට ළුෑණු වරකට ස්වල්පය බැගින් එක් කරමින් රන්වන් පාට වන තුරු බැද ගන්න. ළුෑණු සියල්ලම බැද ගත් පසු, එම තෙලටම කුරුදුපොතු, කරදමුංගු, සුදු ළුෑණු සහ කරපිංචා කොල ටික එක් කර ඉක්මනින් බැද ඉවතට ගන්න. අවසානයට උම්බලකඩ කුඩු ටික ද එක් කර ටික වේලාවක් බැදෙන්නට හරින්න. ටික වේලාවක් ගිය පසු එයට කෑළි මිරිස්, ලුණු දෙහි ඉස්ම දමා හොදින් කලවම් කර ගන්න. අනතුරුව රස අනුව සිනි ද දමා , කලවම් කර උම්බලකඩ සම්බෝල එක ලිපෙන් ඉවතට ගන්න. නිවෙන්ට හැර පිළිගන්වන්න. නැතිනම් පසුව ප්‍රයෝජනයට ගැනීම සඳහා ජීවාණු

ස්පැනිෂ් ඔම්ලට්

Image
සාම්ප්‍රදායික ස්පාඤ්ඤ ආහාර ක්‍රමයට අයත් ආහාරයක් වන ස්පැනිෂ් ඔම්ලට් නැතිනම් ටොර්ටියස් ස්පැනියෝලා (tortilla Española) ලොව පුරා ඉතාමත් ජනප්‍රිය ආහාරයකි. රසවත් මෙන්ම ගුණවත් මෙම ඔම්ලට් එක ඉතාමත් පහසුවෙන් සකසා ගත හැක. අවශ්‍ය ද්‍රව්‍ය –     බිත්තර 05     අල ගරෑම් 250     ලොකු බී ළූණු ගෙඩි 1     ඔලිව් තෙල්/ බටර් 3     රස අනුව ලුණු සහ ගම්මිරිස් සාදන අයුරු – අල සහ ළූණු සිහින්ව පෙති කපාගෙන. පෑන් එකක් මද ගින්දරේ ලිප තබා තෙල් ටිකක් එක් කර, රත් වූ පසු අල සහ ළූණු එක් කරගන්න. බිත්තර ලුණු සහ ගම්මිරිස් එකතුකර මද වෙලාවක් ගසාගන්න. අල සහ ළූණු හොඳින් තැම්බුණු පසු ගසාගත් බිත්තර ටික එකතු කරගන්න. යට පැත්ත සහ වටේ හොඳින් බැදුණු පසු පිඟානක් මත තබා ඔම්ලට් එක අනිත් පැත්ත හරවා ගෙන (upside down) නැවත බැදෙන්නට හරින්න. කැරට්, බෙල් පෙපර්, මාලු මිරිස්, තක්කාලි, අමු මිරිස්, කොත්තමල්ලී කොළ, පාස්ලි, උම්බලකඩ, චීස්, බේකන්, හැම්, ඉස්සන් වැනි ඕනෑම දෙයක් මෙම ඔම්ලට් එකට එක් කර ගත හැකියි. රාත්‍රී මෙන්ම උදැසන ආහාර වේලට මෙන්ම පොඩි බඩගිනි නිවන්නටත් කදිම ස්පැනිෂ් ඔම්ලට් උණුවෙන් මෙන්ම ශීතකර ද ආහාරයට එක් කර ගත හැකියි. පැස්ටා

කිරි අඟුණ සහ කුනිස්සෝ

Image
කිරි අඟුණ කියන්නේ මැල්ලුමක් විදිහට අපේ රටේ ජනප්‍රිය පලා වර්ගයක් නේ. හැබැයි මේ විදිය ගොඩක් අයට අලුත් විදිහක් වෙයි. අවශ්‍ය ද්‍රව්‍ය :- කිරි අඟුණ කොළ කුනිස්සෝ ග්‍රෑම් 50 ක් ලුණු කැබලි මිරිස් දිය කිරි කෝප්පයක් සුදු ළුණු බික් දෙකක් (පලා ගන්න) කපාගත් රතු ළුණු හදන්නේ මෙහෙමයි :- කිරි අඟුණ කොළ කඩාගන්න. කපාගන්නත් පුළුවන්. එත් වඩා හොඳයි අතින් කොටස් වශයෙන් කඩාගන්නව නම්. පොලි කිරි ටික ලිපේ තියල ඒකට මේ කිරි අඟුණ කොළ ටික එකතු කරන්න. රතු – සුදු ළුනු වගේම කෑලි මිරිසුත් ලුණුත් දාල ටිකක් හැඳි ගාන්න. කොළ ටික මැලවෙද්දී කුනිස්සෝ ටික එකතු කරන්න. හැඳි ගාමින් ම මේක කරනවානම් වඩා හොඳයි. කුනිස්සෝ ටික අඟුණ කොලත් එක්ක මිශ්‍ර කලාට පස්සේ පියනකින් වහල ඉදෙන්න අරින්න. අපේ රටට ආවේනික ජාතිවලින් ම විතරක් හැදෙන්නේ නැති වුණාට මේ ව්‍යංජන ටික අපේ රටට විශේෂයි. ඒ වගේම ලොකු වියදමක්, ලොකු මහන්සියක් නැතුව හදාගන්න පුළුවන් රස ම රස – ගුණ ම ගුණ ව්‍යංජන නිසා උයන පිහන ඔයාටත් මේ කෑම විශේෂ වෙයි.  උපුටා ගැනීම : kitchen.tharunaya.us

තුඹ කරවිල

Image
අවශ්‍ය ද්‍රව්‍ය,     තුඹ කරවිල ග්‍රෑම් 250     මුං ඇට ග්‍රෑම් 50     රතු ළූණු ග්‍රෑම් 20     අමු මිරිස් ග්‍රෑම් 100     අල ග්‍රෑම් 100     කරපිංචා කිණිති කිහිපයක්     ලුණු හා ගම්මිරිස් අවශ්‍ය ප්‍රමාණයට සාදන ක්‍රමය, මුලින්ම මුං ඇට හා අල තම්බා ගන්න තම්බා ගත මුං ඇට හා අල කට්ලට් මිශ්‍රණයක් සේ සකසා ගන්න රතු ළූණු, අමු මිරිස් ආදිය තෙම්පරාදු කර එයට එක් කරන්න කරවිල ගෙඩියේ ඇට ඉවත් කර දෙපැත්ත කපා ගන්න කරවිල උණු දියේ පොඟවා ගන්න ඉහත සාදාගත් මිශ්‍රණය එයට පුරවන්න ඉන්පසු ඔබේ රුචිකත්වය අනුව සාදාගත් උකු හොදි සහිත වැංජනයකට දමා පිළිගැන්විය හැකියි උපුටා ගැනීම : kitchen.tharunaya.us

මානෙල් නැටි ව්‍යංජනය

Image
මානෙල් මල්වලින් සුපිරි හෝටල් සරසනවා ඔබ ඕන තරම් දැකල ඇති. ඒ මානෙල් මල්වල නැටිවලට මොකද වෙන්නේ? කෙලින් ම කුණු කූඩෙට යනවද? අපෝ නෑ… රස ම රස ව්‍යාංජනයක් හැදෙනවා. මේ රස ම රස ව්‍යංජනය හදාගන්න හැටි තමයි මේ. අවශ්‍ය ද්‍රව්‍ය :- මානෙල් මල්වල නැටි කිහිපයක්.(මල් 10 ක – 15 ක විතර නැටි ගත්තොත් 4 දෙනෙකුට කන්න ඇතිවෙයි ) ලොකු, ලොකු ළුනු ගෙඩියක් සුදු ළුනු බික් 5 ක් ලොකුවට කැබලි කරගත් උම්බලකඩ තේ හැඳි 2 ක් ( මේ වෙනුවට කූනිස්සෝ ගන්නත් පුළුවන් ) රම්පෙ කැබැල්ලක් ලුණු ටිකක් ගොරකා කැබැල්ලක් තෙල් ස්වල්පයක් පොල් කිරි මිටක් කැබලි මිරිස් අමු තුනපහ කුඩු හදන්නේ මෙහෙමයි :- ඉස්සෙල්ල මානෙල් නැටි ටික මද උණුසුම් ලුණු වතුරේ ටිකක් වෙලා තියෙන්න හරින්න. කහට රහ නැතිවෙන්න වගේම මේ මානෙල් නැටි හොඳින් පිරිසිදු වෙන්නත් ඒක වැදගත්. ඊට පස්සේ මේ මානෙල් නැටි ටික සිහින් ව කපාගන්න ඕන. ළුනු ගෙඩියත් සුදු ළුනුත් තරමක සිහින් වෙන්න ලියාගන්න. දැන් තෙල් ටික රත් කරන්න. ඉස්සෙල්ල සුදු ළුණුත් ලොකු ළුනුත් මේ තෙලට දාලා, ටිකක් බැදෙන්න හරින්න. දැන් මානෙල් නැටි ටික එකතු කරගන්න. ලුණු ටිකකුත්, කැබලි මිරිසුත්, තුනපහත්, රම්පෙ, ගොරක වගේම උම්

කෙසෙල් මුව ක්‍රිස්පී

Image
අවශ්‍ය ද්‍රව්‍ය,     කෙසෙල් මුව 01     කෝන් පිටි ග්‍රෑම් 50     ළූණු කොළ ග්‍රෑම් 75 (අඟල් 1 1/2 දිගට කැපූ)     ඇට ඉවත් කර දිගට කපා ගත මාළු මිරිස් කරල් 03     කෑලි මිරිස් ග්‍රෑම් 30     සුදු ළූණු බික් 03     බටර් හෝ මාගරින් ග්‍රෑම් 50     අවශ්‍ය තරමට තෙල්, ලුණු හා ගම්මිරිස් සාදන ක්‍රමය කෙසෙල් මුව ගෙන එහි මෘදු කොටසින් පියලි ගලවා කපා ගන්න ඉන්පසුව එයට කෝන් පිටි, ලුණු, ගම්මිරිස් හා වතුර ස්වල්පයක් දමා අතගා තෙලෙහි බැද ගන්න භාජනයක් ගෙන එය ලිප තබා එයට බටර් එකතු කරගන්න බටර් රත්වූ පසු සුදු ළූණු හා කෑලි මිරිස් එක් කර ගන්න පසුව මාළු මිරිස් හා ළූණු කොළද එකතු කරන්න ලුණු හා ගම්මිරිස් අවශ්‍ය ප්‍රමාණයට දමා පිළිගන්වන්න  උපුටා ගැනීම : kitchen.tharunaya.us

චීස් සමඟ ගෝවා මල්

Image
අවශ්‍ය ද්‍රව්‍ය,     ගෝවා මල් ග්‍රෑම් 400     උකු පොල් කිරි අඬු කෝප්ප 02     ගාගත් මෙඩා චීස් ග්‍රෑම් 50     උළුහාල් ස්වල්පයක්     සුදු ළූණු බික්     කරපිංචා සාදන ක්‍රමය, ගෝවා මල් ටික වෙලාවක් තම්බා ගන්න භාජනයක් ගෙන තෙල් ස්වල්පයක් දමා එයටම කරපිංචා, සුදු ළූණු හීනියට කපා දමා පොල් කිරිද දමා අවසානයේ තම්බා ගත් ගෝවා මල් ද දමා තෙම්පරාදු කරගන්න. එය බාගෙට පිස ගත පසු සෙරමික් බඳුනකට දමා මතුපිට චීස් අතුරන්න විනාඩි 15 ක් පමණ අංශක 225 උෂ්ණත්වයකට උඳුනේ තබන්න උපුටා ගැනීම : kitchen.tharunaya.us

කොස් මැල්ලුම

Image
අවශ්‍ය දේ :     හොඳින් පැසුණු කොස් මදුළු 25ක්     කොස් ඇට 25ක්     පොල් ගෙඩි 1/4ක්     කහ තේ හැඳි 1/2ක්     කුරුඳු අඟල් 2ක්     අබ තේ හැඳි 1ක්     අමු මිරිස් හෝ කොච්චි කරල් 3ක්     සුදුළූණු බික් 5ක්     රතුළූණු ගෙඩි 4ක්     අමු ඉඟුරු කැබලි අඟල් 1/2ක්     ගම්මිරිස් තේ හැඳි 1/2ක්     ලුණු ස්වල්පයක් සාදන ක්‍රමය : කොස් මදුළු සෝදා ඇට ගලවා තරමක් සිහින්ව කපා ගන්න. කොස් ඇට ද තලා පොතු හැර සෝදා ගන්න. භාජනයකට වතුර කෝප්ප 1 1/2ක් පමණ සහ ලුණු ස්වල්පයක් දමා තැම්බෙන්නට අරින්න. කහ, අමු මිරිස්, කුරුඳු, අබ, සුදුළූණු, රතුළූණු, ගම්මිරිස්, අමු ඉඟුරු, ලුණු ස්වල්පයක් එකට අඹරා හෝ තලා ගන්න. ඊට පොල් ද එකතු කර වංගෙඩියේ කොටා ගන්න. වතුර සිඳෙන තෙක් තැම්බුණු කොස් ව්‍යංජනයට පොල් මැල්ලුම දමා හොඳින් කලවම් කරන්න. ස්වල්ප වේලාවක් වසා තැම්බෙන්නට හැර ළිපෙන් බා ගන්න.  උපුටා ගැනීම : kitchen.tharunaya.us

නෙලුම් අල සම්බෝලය

Image
අවශ්‍ය ද්‍රව්‍ය නෙලුම් අල ග්‍රෑම් 250 උම්බලකඩ මේස හැඳි 2 රතුලූනු ගෙඩි 20ක්   අමුමිරිස් කරල් 3-4ක් ගම්මිරිස් කුඩු තේ හැඳි 1 රස අනුව ලුණු රස අනුව දෙහි යුෂ   සිහින්ව ගා ගත් ‍පොල් මිටක්   කරපිංචා කිනිත්තක්   සාදන ක්‍රමය නෙලුම් අලය පිටින් සෝදා වතුර එකතු කර කැකුළු සහල් මිටක් සහ ගොරකා කැබැල්ලක් දමා තම්බා දිය බේරා ගන්න. (නෙලුම් අලයේ තිබෙන විෂ ගති ඇත්නම් ඒවා ඉවත්වීම සඳහාය) දැන් නෙලුම් අල ඉතා සිහින්ව පෙති කපා ගන්න. එයට ලුණු සහ දෙහි යුෂ එකතු කර පැයක් පමණ විවේකීව තබන්න. පැයකට පමණ පසු එයට රතුලූනු, අමුමිරිස්, කරපිංචා සිහින්ව ලියා දමන්න. දැන් ඉතිරි කළමනාද දමා කලවම් කර කෑමට ගන්න.  උපුටා ගැනීම : kitchen.tharunaya.us

දඹල සහ කොස් ව්‍යංජනය

Image
ඕන කරන දේ :-     ළපටි දඹල ග්‍රෑම් 250 ක්     තම්බා ආහාරයට ගත හැකි මට්ටමේ කොස් මදුළු කිහිපයක්     උම්බලකඩ (ලොකු කැබලි කඩාගත් )     සුදු ළුණු     ලොකු ළුණු     මිරිස් කුඩු     රස අනුව ලුණු     කහ කුඩු ටිකක්     තෙල් ස්වල්පයක් හදන්නේ මෙහෙමයි :- කොස් මදුළු තරමක් කුඩා කැබලිවලට කපාගන්න. වතුර ඉතා ස්වල්පයක් සමඟ නො ඇලෙන බඳුනක දමා වසා මද වෙලාවක් තම්බා ගන්න. තෙල් ස්වල්පයක් ලිපේ තබන්න. එයට සුදුළුනු, ලොකු ළුණු, මිරිස්, උම්බලකඩ දමා බැදෙන්නට හරින්න. එයටම කපා ගත් දඹල එකතු කර දඹලවල කොළ පැහැය ඉවත් නොවන ලෙස තෙලෙන් තම්බෙන්නට හරින්න. එයට මද වශයෙන් තැම්බුණු කොස් මිශ්‍ර කරන්න. කොස් සහ දඹල මිශ්‍ර කිරීමේදී බෙරි නොවන සේ මිශ්‍ර කිරීමට වගබලා ගන්න. උණු උණුවේම බත් සමඟ පිළිගන්වන්න. උපුටා ගැනීම : kitchen.tharunaya.us

පිරවූ දැල්ලන්

Image
අවශ්‍ය ද්‍රව්‍ය කුඩා ප්‍රමාණයේ දැල්ලන් ග්‍රෑම් 500 තරමක් ලොකු   අල ගෙඩි ගෙඩි 2ක් ලොකු ලූනු ගෙඩියකින් 1/2ක් තෙල් ටිකක් ලුණු රසට අනුව ගම්මිරිස් රසන අනුව සාදන ආකාරය දැල්ලන් ගේ ඔළුව සහ උඩ සිවිය ගලවා ඉවත් කරන්න ඉතා හොඳින් පිලී යන ලෙස සෝදන්න. දැන් අල ටික හොඳින් මෘදු වන ලෙස තම්බා ගන්න. බඳුනකට දමා ගත් අල ඉතා හොඳින් ‍පොඩිකරන්න. දැන් ලූනු ඉතාම සිහින්ව චොප් කර ගන්න.  තෙල් ඉතාම ස්වල්පයක් ළිප තබා රත්වන විට ලූනු ටික දමන්න අල,  ලුණු, ගම්මිරිස් ඉතාම ස්වල්පයක් දමා කලවම් කර ගන්න. දැන් මේ අල මිශ්‍රණය දැල්ලන් තුළට පුරවා ගන්න. ඉන්පසු තෙල් ටිකක් දාගත් පෑන් එකක් මත අඩුක්කර දෙපැත්ත හරවමින් හොඳින් පිස ගන්න.  උපුටා ගැනීම : kitchen.tharunaya.us

බින් කර්ඩ් සමග බිම්මල්

Image
අවශ්‍ය ද්‍රව්‍ය බින් කර්ඩ් ග්‍රෑම් 500 බිම්මල් ග්‍රෑම් 250 ගම්මිරිස් කැබැලි තේ හැඳි 1 තෙල් ස්වල්පයක්   රයිස් වයින් තේ හැඳි 2 ලූනු ගස් 2ක් සෝයා සෝස් මේස හැඳි 2 ඔයිස්ටර් සෝස් මේස හැඳි 2   සහල් පිටි ටිකක් සුදුලූනු බික් 2 යි කුඩා ඉඟුරු කැබැල්ලක් කෑලි මිරිස් මේස හැඳි 1 රසට අනුව ලුණු තෙල් ටිකක් සාදා ගන්නා ආකාරය  බින් කර්ඩ් ටික කුඩා කොටු කපා බැද ගන්න. බිම්මල් සෝදා සිහින් තීරුවලට ඉරා සහල් පිටි ටිකක් ඉස එයද රන්වන් පාටට බැද ගන්න. දැන් ලූනු ගස් ටික සෝදා අඟ‍ලේ පමණ කැබැලි කපා ගන්න. ඉඟුරු, සුදුලූනු තලා ගන්න. බඳුනක් ගෙන තෙල් ස්වල්පයක් ළිප තබා රත්වන විට එයට ඉඟුරු සුදුලූනු දමන්න. කෑලි මිරිස්. සෝස් වර්ග දමන්න. රයිස් වයින් ටිකද දමන්න. රයිස් වයින් නොමැති නම් සුදු විනාකිරි ටිකක් දමා සීනි තේ හැඳි 1/2 පමණ එකතු කරන්න. දැන් බැදගත් බින් කර්ඩ් කැබැලි ලුණු, බැදගත් බිම්මල් සමග ලූනුු කොළද එකතු කර කලවම් කර ගන්න.  උපුටා ගැනීම : kitchen.tharunaya.us

පොල් කිරි නැතිව කරවල හොදී

Image
ඕන කරන දේ :-     කට්ට කරවල ග්‍රෑම් 250 ක්     මී කිරි මේස හැන්දක්     සුදු කැකුළු හාල් කෝප්පයක් දියේ දමා අඹරාගත්     බිලිං ගෙඩියක්     තක්කාලි අවශ්‍යනම්     සුදු ළුණු     ලොකු ළුණු     මිරිස් කුඩු     රස අනුව ලුණු     කහ කුඩු ටිකක් හදන්නේ මෙහෙමයි :- සාමාන්‍ය කරවල හොද්දක් හදන විදිහමයි. කරවල සෝදලා, කපලා මීකිරි සහ ඇඹරූ හාල් ටික ඇරෙන්න අනෙක් අඩුවැඩිය එක්ක ලිප තියන්න. වතුර අඬු කෝප්ප බාගයක් ඒකට එකතු කරන්න. දැන් මීකිරි සහ සුදු කැකුළු හාල් ටික හොඳින් මිශ්‍ර කර, කරවල බඳුනට දමන්න. නොනවත්වා හැඳිගාන්න. මේ කරවල හොද්ද, පොල් කිරෙන් උයන කරවල හොද්දට වඩා කැටි ගැහෙන්න ඉඩ තියෙනවා. උපුටා ගැනීම : kitchen.tharunaya.us

කිරි කොස් මාළුව

Image
අවශ්‍ය ද්‍රව්‍ය:     හොඳින් පැසුණු කොස් මැඳුළු 25ක්     කොස් ඇට 25ක්     තුනපහ කුඩු තේ හැඳි 1 1/2ක්     කහ තේ හැඳි 1/2ක්     පොල් මිටි කිරි කෝප්ප 1 1/2ක්     ගම්මිරිස් තේ හැඳි 1/2ක්     වියළි මිරිස් තේ හැඳි 1/2ක්     අමු මිරිස් කරල් 3ක්     උම්බලකඩ කුඩු මේස හැඳි 1ක්     රතුළූණු, කුරුඳු, රම්පෙ, කරපිංචා     අබ ස්වල්පයක් සාදන ක්‍රමය : කොස් මදුළු සෝදා ඇට ගලවා දික් අතට තරමක කැබලි කපා ගන්න. කොස් ඇට තලා පොතු හැර සෝදා ගන්න. තුනපහ, කහ, අබ, උම්බලකඩ, සුදුළූණු, රතුළූණු, අමුමිරිස්, කුරුඳු, රම්පෙ, කරපිංචා, වියළි මිරිස්, ගම්මිරිස් ආදිය දමා අතගා දියකිරි දමා ලිප තබන්න. එය තැම්බී එන විට මිටිකිරි දමන්න. එය පැසෙන විට අවශ්‍ය නම් බැදපු දුරුකුඩු තේ හැන්දක් පමණ ඉසින්න. අවශ්‍ය නම් මෙය තෙම්පරාදු කිරීමෙන් වඩාත් රසවත් කළ හැක. වැදගත් කරුණු : කොස් ඇට අඩියට දමා තැම්බීම වඩාත් සුදුසු වේ.  උපුටා ගැනීම : kitchen.tharunaya.us

තිබ්බටු කොස් ඇට මාළුව

Image
හදමුද තිබ්බටුයි කොස් ඇටයි එකට දාලා රසම රස මාළුවක්? උම්බලකඩ ටිකක් එහෙම දාලා හරිම රසට මේ මාළුව හදාගන්න පුලුවන්. බලන්නකෝ එහෙනම් හදන විදිහ. අවශ්‍ය දේවල් :     තිබ්බටු 200g     පොත්ත අයින් කර තම්බා කෑලි වලට කපා ගත් කොස් ඇට 15ක් පමණ     මිරිස් කුඩු තේ හැදි 1ක් පමණ (අවශ්‍ය ප්‍රමාණයට අඩු වැඩි කර ගන්න.)     කහ කුඩු ස්වල්පයක්     තුනපහ කුඩු තේ හැදි ½ ක් පමණ     ලුණු (රස අනුව)     සිහින්ව ලියා ගත් රතු ලූණු ගෙඩි 6 – 7ක් පමණ     කපා ගත් අමු මිරිස් කරල් 1 – 2ක් පමණ     උම්බලකඩ කෑලි ටිකක් (කැමති නම් පමණක්)     රම්පේ     කරපිංචා     මිටි කිරි අඬු කෝප්ප ½ ක් පමණ     දිය කිරි අඬු කෝප්ප ¾ ක් පමණ සාදා ගන්නා ආකාරය : මුලින්ම තිබ්බටු වල නැටි ගලවලා හොදට සෝදගෙන ඇතිලියකට දමා ගන්න. පස්සේ ඒකටම තම්බා ගත් කොස් ඇට කෑලි ටිකත් දා ගන්න. දැන් ඒකටම කහ කුඩු, මිරිස් කුඩු, තුනපහ කුඩු දාලා හොදට අත ගා ගන්න. ඊට පස්සේ ඒකටම රතු ලූණුයි, අමු මිරිසුයි, කරපිංචායි, රම්පෙයි, උම්බලකඩ කෑලි ටිකයි එක්ක දිය කිරි දාලා සාමාන්‍ය ගින්දරේ ලිපේ තියන්න. කිරි නැටුවට පස්සේ රස අනුව ලුණුත් එකතු කරන්න. අන්තිමට තිබ්බටු ටික සාමාන්‍ය