Posts

Showing posts from October, 2018

රසවත්ව පොල් සම්බෝලයක්

Image
පොල් සම්බෝල කියන්නේ හැම ගෙදර වගේම හදන කෑමක්. කොයි තරම් මාලුපිණි තිබ්බත් පොල් සම්බෝලයකින් එන රස නම් කියලා නිම කරන්න බෑ නේද ? ඒ නිසාම තමයි අපි තීරණය කලේ පොල් සම්බෝලේ රසවත්ව හදා ගන්නේ කොහොමද කියලා කියා දෙන්න. අවශ්‍ය ද්‍රව්‍ය :     සිහින්ව ලියා ගත්ත පොල් කෝප්ප 2ක්     වියලි මිරිස් තේ හැඳි  3 ක්     කොච්චි කරල් 3ක්     සුදු ළුණු බික් 1 ක්     රතු ළුණු ගෙඩි 3ක්     සිහින්ව ලියාගත් බී ළුණු ගෙඩියක්     ලුණු     කරපිංචා     දෙහි එහෙමත් නැත්නම් සියඹලා     සිහින්ව ලියාගත් තක්කාලි     වියලි කූනිස්සන් සාදාගන්න ආකාරය : මුලින්ම අපි සුදු ළුණු, රතු ළුණු, කරපිංචා, කොච්චි, ලුණු හොදින් අඹරගන්න ඕනි. කෑලි මිරිස් එක්කරද්දී ටිකක් විතර රත්කරගන්න අමතක කරන්න එපා. හොඳින් මතක තියාගන්න ඕනි දෙයක් තමයි කෑලි  මිරිස් රත් කරද්දී නිතර කූරු ගාන එක. නැත්නම් කර වෙන්න ඉඩකඩ වැඩි. හොදින්  රත්කරගත් කෑලි මිරිස් එක්කර එයත් හොඳින් අඹරා ගන්න ඉන් පසුව මෙයට පොල් එක්කරන්න. නැවත හොඳින් අඹරා ගන්න. දැන් මෙම මිශ්‍රණය භාජනයකට දමාගන්න. මැටි බදුනකට දමා ගන්නවා නම් වඩාත් හොදයි. ඉන් පසුව සිහින්ව ලියා ගත්ත තක්කාලි, බී ළුණු, විය

මික්ස් වෙජිටබල් කරිය

Image
අවශ්‍ය ද්‍රව්‍ය කැරට් ග්‍රෑම් 100 අර්තාපල් ග්‍රෑම් 100 බෝංචි ග්‍රෑම් 100 බිම්මල් ග්‍රෑම් 100 තම්බාගත් ග්‍රීන්පීස් ග්‍රෑම් 100 කහ කුඩු තේ හැඳි 1/2 රම්පේ කැබැල්ලක්   තුනපහ කුඩු තේ හැඳි 2 ගම්මිරිස් කුඩු තේ හැඳි 1/2 සිහින්ව ලියාගත් ලූනු ග්‍රෑම් 10 සිහින්ව ලියාගත් සුදුලූනු ග්‍රෑම් 10 මිටිකිරි අඬු කෝප්ප 2 දියකිරි අඬු කෝප්ප 2, රසට අනුව ලුණු සාදන ආකාරය  සියලුම එළවළු වර්ග සෝදා කොටු ලෙස කපා ගන්න. ඇතිලියක් ගෙන සියලුම එළවළු, පහේ වර්ග දමා හොඳින් අතගා, දියකිරි දමා ළිප තබන්න. හොඳින් තැම්බිගෙන එද්දී මිටිකිරි දමා නටවා බිමට බා ගන්න. එළවළු වර්ගවල පාට ආරක්ෂාවන ආකාරයට පිස ගැනීමට ප්‍රවේශම් වන්න.  උපුටා ගැනීම : kitchen.tharunaya.us

ලුණු දෙහි

Image
කෑම වේලක රසවත් බවට අපූරු වෙනසක් එකතු කරන, කටට රසට සැරට කෑම කන්න කැමති ඕනෑම කෙනෙකුට ඉතා පහසුවෙන් පිළියෙල කරගන්නට පුළුවන් රසවත් කෑමක් තමයි ලුණු දෙහි. දෙහිවලට ලුණු මිශ්‍ර කරගැනීම ලුණුදෙහි හැටියට සරලව ම හඳුන්වන්නට පුළුවන් වුණත්,  මේ මිශ්‍රණය රසවත්ව සහ නිවැරදිව පිළියෙළ කරගන්නා හැටි දැනගන්න හුඟක් අය කැමති වෙන බව නිසැකයි. මේ සඳහා ඔබට අවශ්‍ය වෙන්නේ,     හොදින් ඉදුණු දෙහි ගෙඩි කිහිපයක්     ලුණු අවශ්‍ය ප්‍රමාණයට     බැදපු මිරිස් කුඩු ටිකක්     බැදපු තුනපහ කුඩු ස්වල්පයක්(අත්‍යවශ්‍ය නැහැ)     කහ ස්වල්පයක්     දෙහි ඉස්ම හෝ විනාකිරි ටිකක්     සිනි (අවශ්‍ය පමණ)     කොච්චි මිරිස් කරල් කිහිපයක්     කුඩුකරගත් උලුහාල් ස්වල්පයක් මුලින් දෙහි ගෙඩි ටික හොදින් සෝදා, වතුර බේරෙන්නට තියන්න. පසු දෙහි ගෙඩිය වෙන් නොවන ලෙස, පලු හතරකට කපා ගෙන, හොදට ලුණු කුඩු තවරා ගන්න.ඉන්පසු කට පළල් මැටි භාජනයකට හෝ ප්ලාස්ටික් භාජනයකට සකස්කරගත් දෙහි ටික දමා, තද අව්වේ දවස් 4 – 5 වේලා ගන්න. එවිට දෙහි ලෙල්ල දුඹුරු පාට වී ඇති අයුරු ඔබට දැකගන්නට හැකිවේවි. දැන් කට පළල් විදුරු බදුනක් හෝ මැටි බදුනක් අරගෙන හොදින් අව්වේ වේලා ගත්

පොලොස් මාළුව

Image
තරුණ බිරින්දෑවරුන්ට තියන ලොකු ගැටළුවක්, ඉස්සර අම්මා ගෙදර උයපු විදිහට කටට රසට පො‍ලොස් මාළුවක් පිස ගන්නේ කොහොමද කියල….මේ නිසා, වැඩි මහන්සියක් නැතිව පහසුවෙන් කටට රසට පොලොස් මාළුවක් පිලියෙල කර ගන්න ආකාරය අද අපි කතා කරනවා…. අවශ්‍ය ද්‍රව්‍ය     පොලොස් ග‍්‍රෑම් 350 ක්     තක්කාලි ගෙඩි 1 ක්     ගොරකා කැබලි 3 ක්     කහ කුඩු තේ හැදි 1/4 ක්     අමු තුනපහ මේස හැදි 1 ක්     බැදපු තුනපහ මේස හැදි 2 ක්     මිරිස් කුඩු මේස හැදි 1 1/2 ක්     අඹරාගත් සුදුළුණු මේස හැදි 2 ක්     අඹරාගත් ඉගුරු තේ හැදි 1 ක්     පොල් කිරි කෝප්ප 1 1/2 ක්     රතු ළුණු ගෙඩි 10 ක්     අමු මිරිස් කරල් 1 ක්     කරපිංචා කිනිත්තක්     රම්පේ කැබලි 2 ක්     කරදමුංගු 5 ක්     උම්බලකඩ මේස හැදි 1 ක්     ලූණු මේස හැදි 1 ක් පිළියෙල කරන ආකාරය මුලින්ම තෙල් ස්වල්පයක්  භාජනයකට රත් විමට දමා එයට රතු ළුණු, අමු මිරිස්, කරපිංචා, රමිපේ, ඉගුරු, කරදමුංගු, කුරුදු, උම්බලකඩ, සුදු ළුණු සහ තක්කාලි දමා තෙමිපරාදු කර ගන්න. දැන් එයට කපාගත් පොලොස් එකතු කරගෙන හොදින් මිශ‍්‍ර කරගන්න. මෙයට මිරිස් කුඩු, බැදපු තුනපහ කුඩු,  අමු තුනපහ කුඩු, ගොරකා

කෙසෙල්මුව මිශ්‍ර උම්බලකඩ බැදුම

Image
අවශ්‍ය ද්‍රව්‍ය ලොකුලූනු ග්‍රෑම් 500 උම්බලකඩ කැබැලි ග්‍රෑම් 200 කෙසෙල්මුව ග්‍රෑම් 200 කෑලි මිරිස් මේස හැඳි 2 කජු මද ග්‍රෑම් 100 සීනි මේස හැඳි 2 ලුණු කුඩු රසට අනුව   සාදන ආකාරය  ලොකුලූනු, කෙසෙල්මුව ඉතා සිහින්ව නූල් ලෙස කපා ගන්න. දැන් මේ දෙවර්ගයම රත්වූ ගැඹුරු තෙ‍ලේ රන්වන් පාටට බැද තෙල් බේරෙන්නට තබන්න. දැන් කජු මදද කුඩාවට කපා තෙලට දමා ඉක්මනින් ඉවත් කර ගන්න. දැන් වෙනත් බඳුනක් ලිප තබා තෙල් ස්වල්පයක් දමා රත් කරන්න. රත්වන විට උම්බලකඩ කැබැලි දමන්න. බැදීගෙන එන විට ලුණු, කෑලි මිරිස්, සීනි දමන්න.  අන්තිමට බැදගත් කජු, ලොකු ලූනු, කෙසෙල්මුව එකතු කර හොඳින් මිශ්‍ර කර ගන්න. නිවෙන්නට හැර පිරිසිදු වියළි අසුරනයක දමා කලක් තබා ගෙන පාවිච්චි කරන්න.  උපුටා ගැනීම : kitchen.tharunaya.us

ඉස්සන් සම්බල්

Image
අවශ්‍ය ද්‍රව්‍ය  ලොකු ඉස්සන් ග්‍රෑම් 300 වියළි මිරිස් කරල් 20ක් එළවළු තෙල් මේස හැඳි 5 ඉඟුරු කැබැල්ලක් සුදුලූනු බික් 2ක්   ලොකු ලූනු ගෙඩියකින් 1/2 ලුණු රසට අනුව   සීනි ටිකක්   විනාකිරි අඬු කෝප්ප 1/4 සාදන ආකාරය  තෙල් ටිකක් ලිප තබා රත් කරන්න. ඔළු, ‍පොතු ඉවත් කර සෝදා ගත් ඉස්සන් මේ තෙල්වලට දමන්න. ඉඟුරු, සුදුලූනු දෙකට තුනට කපාගත් මිරිස් කරල් සහ සිහින්ව කපාගත් ලූනු දමන්න. දැන් හොඳින් තෙම්පරාදු කරගත් මේ මිශ්‍රණය හොඳින් අඹරා ගන්න. දැන් මැටි බඳුනක් ලිප තබා එයට ලුණු, විනාකිරි, සීනි දමා උණු කර ගන්න. දැන් කලින් අඹරාගත් ඉස්සන් මිශ්‍රණය මෙයට දමා කලවම් කර මලවා ගන්න.  උපුටා ගැනීම : kitchen.tharunaya.us

ඉස්සන් අච්චාරු

Image
අවශ්‍ය ද්‍රව්‍ය ලොකු ඉස්සන් 20ක් පමණ ලොකු ලූනු ගෙඩි 3ක්   රටඉඳි ගෙඩි 5-6ක් මිරිස් කුඩු මේස හැඳි 1 ගම්මිරිස් කුඩු මේස හැඳි 1/2 අඹරාගත් අබ තේ හැඳි 1 අඹරාගත් සුදුලූනු මේස හැඳි 1 අඹරාගත් ඉඟුරු මේස හැඳි 1 කොච්චි අහුරක් පමණ ලුණු රසට අනුව   ලුණු දෙහි ගෙඩියක්   තෙල් අවශ්‍ය තරමට   විනාකිරි අඬු කෝප්පයක්   සාදන ආකාරය  ඉස්සන්ගේ ඔළු ‍පොතු ගලවා වලිගය තිබියදී සෝදා ගන්න. ඉන්පසු ඒවා රත්වූ ගැඹුරු තෙ‍ලේ බැද තෙල් බේරෙන්නට තබන්න. ලූනු ලොකු තීරුවලට කපා ගන්න. රටඉඳි, ලුණු දෙහි ඉතා කුඩා කෑලිවලට කපා ගන්න. දැන් මැටි හට්ටියක් ගෙන එයට විනාකිරි ලුණු, ඉඟුරු, සුදුලූනු, අඹරාගත් අබ, මිරිස්, ගම්මිරිස් දමා ලිප තබන්න. නටාගෙන එන විට ලූනු, කොච්චි දමන්න. ලුණු දෙහි, රටඉඳි දමන්න. අන්තිමට බැදගත් ඉස්සන් දමා මිශ්‍ර කර නිවෙන්නට හැර කෑමට ගන්න.  උපුටා ගැනීම : kitchen.tharunaya.us

කට්ටා කරවල, ගෝවා ඉස්ටුව

Image
අවශ්‍ය ද්‍රව්‍ය කට්ටා කරවල ග්‍රෑම් 200 ගෝවා ග්‍රෑම් 200 කහ කුඩු ස්වල්පයක්   ලුණු රසට අනුව   උකු මිටිකිරි අඬු කෝප්ප 1/2 රතුලූනු ගෙඩි කීපයක් අමුමිරිස් කරල් 2 යි රම්පේ කැබැල්ලක්   අබ ඇට තේ හැඳි 1/2 තෙල් ටිකක්   සාදන ආකාරය    කරවල තරමකට කැබැලි කපා දෙහි යුෂ මිශ්‍ර වතුරේ සෝදා දිය බේරා ගන්න. රතුලූනු සුද්දකර ගෙඩි පිටින්ම සෝදා දිය බේරා ගන්න. අමුමිරිස් දෙකට පලාගන්න. ගෝවා සෝදා ඉතා සිහින්ව කෙඳි ලෙස ලියා ගන්න.  දැන් තෙල් ළිප තබා රත්වන විට කරවල දමා බැදෙන්නට හරින්න. එය බැදීගෙන එනවිට ගෝවා වලට කහ කුඩු ටිකක් අතගා පසෙකින් තබාගන්න. කරවල බැදීගෙන එන විට එයට රම්පේ, අබ ඇට, රතුලූනු, අමුමිරිස් දමා තෙම්පරාදු වන්නට හරින්න. දැන් එයටම ගෝවා එකතු කර තෙම්පරාදු කරගන්න. මිටිකිරි ටික දමා ලුණු ටිකක් ද එකතු කර මිශ්‍ර කර ඉස්ම හිදුවා කෑමට ගන්න.  උපුටා ගැනීම : kitchen.tharunaya.us

වෙනස් විදිහකට නෙළුම් අල

Image
අප බොහෝ විට පුරුදු වී සිටින්නේ නෙළුම් අල උයන්නටයි. ඒ වෙනුවට රස ගුණ පිරි නෙළුම් අල මෙන්න මේ විදිහට වෙනස්ම ක්‍රමයකට හදල බලමුද? අවශ්‍ය ද්‍රව්‍ය:     නෙළුම් අල ග්‍රෑම් 500     කතුරු මුරුංගා කොළ කුඩා මිටක්     වියළි මිරිස් කරල් කිහිපයක්     බටර් හෝ මාගරින් ස්වල්පයක්     කහ කුඩු තේ හැඳි 1/2     කෑලි මිරිස් තේ හැඳි 1     සීනි ස්වල්පයක්     පිටි මේස හැඳි 5     රසට අනුව ලුණු ගම්මිරිස්     බැද ගැනීමට තෙල් සාදන අයුරු: නැවුම් නෙළුම් අල සෝදා පිරිසිදු කර සිහින් පෙතිවලට කපා ගන්න. එයට පිටි, කහ, ලුණු, ගම්මිරිස් ආදිය එක් කර හොඳින් අත ගා ටික වේලාවක්  පදම් වන්නට තබන්න. සකසා ගත් නෙළුම් අල පෙති ටික ගැඹුරු තෙලේ දමා රන්වන් පාටට වන තුරු බැද ගන්න. වියළි මිරිස් තරමක කැබලිවලට කඩා ගන්න. වෙනත් බඳුනක් ළිප තබා රත්වන විට එයට බටර් ටිකක් එක් කරන්න. දැන් වියළි මිරිස් කැබලි සහ කතුරු මුරුංගා කොළ දමා තරමක් බැදෙන්නට තබා එයටම කෑලි මිරිස්, ලුණු, සීනි සහ බැදගත් නෙළුම් අල ද දමා කලවම් කර ගන්න. සහල් පිටි හෝ පාන් පිටි මේ සඳහා යොදා ගත හැක. බැදගත් බී ළූණු, කුඩාවට කපා ගත් අමු මිරිස්, කපාගත් පාස්ලි ආදිය යොදා ගෙන මෙය සර

ලාවුළු ව්‍යංජනය

Image
අවශ්‍ය ද්‍රව්‍ය හොදින් පැසුනු ලාවුළු ගෙඩි 2ක් රතුලූනු ගෙඩි 10ක් පමණ අමුමිරිස් කරල් 3 යි සුදුලූනු බික්  3යි රම්පේ කැබැල්ලක් කරපිංචා කිනිත්තක් කහ කුඩු ස්වල්පයක්   ‍පොල්තෙල් මේස හැඳි 4   බැඳපු තුනපහ කුඩු තේ හැඳි 1 කුරුඳු‍පොතු කැබැල්ලක් මිරිස් කුඩු තේ හැඳි 2 වියලි මිරිස් කරල් 5යි අබ ඇට තේ හැඳි 1/2 ලුණු රසට අනුව   දියකිරි අඬු කෝප්ප 2 මිටිකිරි අඬු කෝප්ප 2 සාදන ආකාරය    ලාවුළු ගෙඩි වල ‍පොත්ත හොඳින් ඉවත් කර කිරි ඉවත්ව යන ලෙස හොඳින් සෝදා ගන්න. දැන් හොඳින් කැපෙන පිහියකින් තට්ටු කරමින් කුඩා කොටු ලෙස එය ලියා ගන්න. (පරිප්පු ඇට තරමේ කැබැලි ලෙස) මැටි ඇතිලියක් ගෙන එයට කපගත් ලාවුළු දමන්න. දැන් මිරිස් කුඩු, තුනපහ කුඩු, කුරුඳු‍පොතු, ලුණු එකතු කර දියකිරි දමා මිශ්‍ර කර ලිප තබන්න. හොඳින් ලාවුළු කැබැලි තැම්බුනු පසු එය වෙනත් බඳුනකට දමා ඇතිලියට ‍පොල්තෙල් ටික දමන්න. රත්වුනු තෙලට ලියාගත් රතුලූනු, අමුමිරිස්, සුදුලූනු, රම්පේ කරපිංචා හා කැබැලි වලට කඩාගත් වියලි මිරිස්, අබ ඇට එකතු කරන්න. රන්වන් පාටට බැදෙන විට තම්බාගත් ලාවුළු ටික දමන්න. මදක් තෙ‍ලේ කලවම් කරමින් මිටිකිරි එකතු කරන්න. හොඳින් උතුරවා

බතල කරිය

Image
කෙඳි බහුල හා කැලරි අඩුවෙන් අඩංගු ගුණදායක ආහාරයක් වන බතල හරිම රසවත්. බොහෝ විට තම්බා ආහාරයට ගන්නා බතල, කරියක් ලෙසත් සකස් කල හැකියි.  අර්තාපල් කරි වෙනුවට දවල් බත් පතට වෙනසක් එක් කරන මෙම බතල කරිය, සැරට කන්න අකමැති අයට ගැලපෙනම කරියක්. අවශ්‍ය ද්‍රව්‍ය :     බතල ග්‍රෑම් 500     කුඩාවට කපා ගත් රතු ළූණු 3     තලා ගත් සුදු ළූණු බික් 2     දිග අතට කපා ගත් අමු මිරිස් කරල් 2     අබ ඇට තේ හැඳි 1     අවශ්‍ය ප්‍රමාණයට රම්පේ සහ කරපිංචා     කුරුඳු පොතු කැබැල්ලක්     අමු තුනපහ කුඩු තේ හැඳි 2     කහ කුඩු තේ හැඳි ½     උකු පොල් කිරි කෝප්ප 1 1/2     පොල් තෙල් මේස හැඳි 1     රස අනුව ලුණු සාදන අයුරු: පළමුවෙන්ම බතල වල පොතු යවා හොදින් සෝදා එය සාමාන්‍ය ප්‍රමාණයේ රවුම් කැබලි වලට කපාගන්න. දැන් ඇතිලියක් ලිපේ තබා එයට තෙල් ටිකක් දමා රත් වූ පසු එයට අබ ඇට, කුරුඳු පොතු කැබැල්ල සහ තලා ගත් සුදු ළූණු එක්කර බැදෙන්නට හරින්න. එයටම කහ, අමු තුනපහ හා ලුණු එක් කර හොඳින් කලවම් කර ගන්න. අනතුරුව එයට කපා ගත් රතු ළූණු, අමුමිරිස්, රම්පේ සහ කරපිංචා එක්කර හොඳින් තෙම්පරාදු වෙන්නට හැර එයටම බතල ටික එක්කර හොඳින් මිශ්‍ර කර

ඇපල් නිවිති සම්බෝලය

Image
අවශ්‍ය ද්‍රව්‍ය රතු ඇපල් ගෙඩි 2 යි කහ පාට බෙල්පෙපර් ගෙඩි 1/2 කොළ පාට බෙල්පෙපර් ගෙඩි 1/2 උණු වතුරට දමා දිය බේරාගත් නිවිති දළු ග්‍රෑම් 100 සිහින්ව ගා ගත් චීස් මේස හැඳි 2 ගම්මිරිස් කුඩු තේ හැඳි 1 ලුණු කුඩු තේ හැඳි 1/2 දෙහි ගෙඩියක යුෂ   කොටු කපාගත් ලොකු ලූනු ගෙඩියක්   මෙයොනීස් සෝස් මේස හැඳි 2 රසට අනුව ලුණු   සාදන ආකාරය    ඇපල්, බෙල්පෙපර් හා නිවිති කොටු හැඩයට කපා ගන්න. මෙයොනීස් සෝස්, දෙහි, ලුණු කුඩු, ගම්මිරිස් කුඩු, ගෑරුප්පුවක ආධාරයෙන් කලවම් කර එයට කුඩා කොටු කපාගත් ඇපල්, බෙල් පෙපර්, ලොකු ලූනු, නිවිති කොළ එකතු කොට, මිශ්‍ර කර දීසියකට දමා ගාගත් චීස් උඩින් ඉසගන්න.  උපුටා ගැනීම : kitchen.tharunaya.us

පිපිඤ්ඤා කරිය

Image
අපි බොහෝ විට පිපිඤ්ඤා භාවිතා කරන්නේ සළාද වර්ග සඳහායි. නමුත් පිපිඤ්ඤා රසවත් කරිය ක් ලෙස ලෙස සකසා ගන්නටත් පුළුවන්. අවශ්‍ය ද්‍රව්‍ය:     මධ්‍යම ප්‍රමාණයේ පිපිඤ්ඤා ගෙඩි 1     කපා ගත් රතුළූණු ගෙඩි 2     කපා ගත් අමුමිරිස් කරල් 2     තලාගත් සුදුළූණූ ගෙඩියක්     කුඩා කුරුඳු පොතු කැබැල්ලක්     අබ ඇට ස්වල්පයක්     අබ කුඩු     අමුතුනපහ කුඩු     කහ කුඩු     සූදුරු ස්වල්පයක්     කරපිංචා ස්වල්පයක්     අවශ්‍ය ප්‍රමාණයට පොල් කිරි     ගාගත් පොල් ස්වල්පයක්     තෙල් ස්වල්පයක්     රස අනුව ලුණු සාදන අයුරු: පලමුවෙන්ම ගාගත් පොල්, සූදුරු සහ කරපිංචා ස්වල්පයක් වතුර ස්වල්පයක් දමා ක්‍රිම් එකක් වනතුරු බේලෙන්ඩ් කර ගන්න. පිපිඤ්ඤා ගෙඩියේ ලෙල්ල සහ මැද කොටස ඉවත් කර දිගැටි හැඩයට තීරු වලට කපා ගන්න. එයට අමු තුනපහ, කහ සහ ලුණු දමා හොදින් මිශ්‍ර ක ගන්න. භාජනයක් මද ගින්දරේ ලිපේ තබා තෙල් ස්වල්පයක් දමා අබ ඇට ටික සහ සුදුළූණූ එක්කර බැදෙන්නට හරින්න. එයටම රතුළූණු සහ කරපිංචා දමා බැදෙන්නට හැර පිපිඤ්ඤා ටික ද එක්කර හොඳින් කලවම් කර ගන්න.  අනතුරුව අඹරා ගත් පොල් මිශ්‍රණය ද එක්කර කලවම් කර ගෙන වතුර ස්වල්පයක් ද එක්කර භ

කෝමාරිකා ව්‍යංජනය

Image
අවශ්‍ය ද්‍රව්‍ය කෝමාරිකා මද ග්‍රෑම් 250 රතුලූනු ගෙඩි 10ක් පමණ අමුමිරිස් කරල් 2යි සුදුලූනු බික් 3ක් උළුහාල් තේ හැඳි 1/2 කුරුදු‍පොතු කැබැල්ලක් කහ ස්වල්පයක්   රම්පේ කැබැල්ලක් කරපිංචා කිනිත්තක් අබ කුඩු තේ හැඳි 1/2 දියකිරි අඬු කෝප්ප 1 මිටිකිරි අඬු කෝප්ප 1 උම්බලකඩ කුඩු මේස හැඳි 1 දෙහි බෑයක පමණ යුෂ රසට අනුව ලුණු   සාදන ආකාරය    කෝමාරිකා මද ටික පසෙකින් තබන්න. දැන් මැටි ඇතිලියක් ගෙන එයට මිටිකිරි හැර ඉතිරි කලමනා සියල්ල දමා කලවම් කර ළිප තබන්න. දියකිරි නටාගෙන එන විට කෝමාරිකා මද සහ මිටිකිරි දමා හැඳිගාමින් පිසගන්න. උපුටා ගැනීම : kitchen.tharunaya.us

කොහිල අල සම්බෝලය

Image
අවශ්‍ය ද්‍රව්‍ය - ළපටි කොහිල අල කැබැල්ලක්. අමු මිරිස් කරල් 2යි රතුලූනු අහුරක් සිහින්ව ගා ගත් ‍පොල් මිටක් ලුණු කුඩු රසට අනුව දෙහි යුෂ රසට අනුව. සාදන ආකරය, කොහිලවල පිට ‍පොත්ත හැර අඟ‍ලේ පමණ කැබැලි වලට කපා නූල් ඇර ගන්න. දැන් ඉතාම සිහින් කෙඳිති ලෙස ලියාගන්න. අමුමිරිස් සහ රතුලූනුද ලියා ගන්න. දැන් බඳුනක් ගෙන එයට ‍පොල්, රතුලූනු, අමුමිරිස්, ලුණු, දෙහි යුෂ දමා මිශ්‍ර කරන්න. කොහිල අල කෙඳි දමා ‍පොඩි නොවන සේ මිශ්‍රකර රස බලන්න.ලියාගන්න. අමුමිරිස් සහ රතුලූනුද ලියා ගන්න. දැන් බඳුනක් ගෙන එයට ‍පොල්, රතුලූනු, අමුමිරිස්, ලුණු, දෙහි යුෂ දමා මිශ්‍ර කරන්න. කොහිල අල කෙඳි දමා ‍පොඩි නොවන සේ මිශ්‍රකර රස බලන්න.  උපුටා ගැනීම : kitchen.tharunaya.us

වම්බටු සම්බෝලය

Image
අවශ්‍ය ද්‍රව්‍ය - වම්බටු කරල් 5-6ක් රතුලූනු ගෙඩි 10ක් පමණ අමුමිරිස් කරල් 2යි රතුපාට ඉඳුණු තක්කාලි ගෙඩියක් අඹරාගත් අබ තේ හැඳි 1 ලුණු රසට අනුව විනාකිරි මේස හැඳි 2 බැද ගැනීමට තෙල් සාදන ආකරය,   වම්බටු සෝදා සිහින් පෙතිවලට කපා රත්වූ ගැඹුරු තෙ‍ලේ රන්වන් පාටට බැද තෙල් බේරෙන්නට හරින්න. රතුලූනු, අමුමිරිස්, තක්කාලි කුඩා කොටු ලෙස කපාගන්න. දැන් බඳුනක් ගෙන එයට විනාකිරි, ලුනු, අබ දමා හොඳින් මිශ්‍ර කරන්න. දැන් කපාගත් ලූණු, අමුමිරිස්, තක්කාලි සහ බැදගත් වම්බටු දමා ‍පොඩි නොවන සේ මිශ්‍රකර කෑමට ගන්න.  උපුටා ගැනීම : kitchen.tharunaya.us

අන්නාසි චට්නි

Image
අවශ්‍ය දුව්‍ය     අන්නාසි ගෙඩි 01     අමු ඉගුරැ 10g     සුදුලුනු 10g     අබ 15g     විනාකිරි 375ml     මිරිස්කුඩු 25g     දියලුනු 5ml සදන ක්‍රමය අන්නාසි ගෙඩිය සුද්දකර සිහින් කැබලි වලට කපාගන්න අබ විනාකිරින් අබරාගන්න සියලු ද්‍රච්‍යය එකතුකර මද ගින්නේ විනාඩි 05 ක් තම්බා ගන්න උපුටා ගැනීම : kitchen.tharunaya.us

දෙල් සම්බෝල

Image
අවශ්‍ය දුව්‍ය     දෙල් ගෙඩි 01     ලුණු ස්‌වල්පයක්‌     කහ 1/2 Tsp     අමු මිරිස්‌ කරල් 4-5       ගම්මිරිස්‌ ඇට 1Tsp     සුදු ලූනු බික්‌ 02     රතු ලූනුගෙඩි 03     පොල් කිරි 125Ml     දෙහි බෑයක යුෂ සදන ක්‍රමය දෙල් ගෙඩිය පොලොස්‌ ලියන ආකාරයට හීනියට ලියාගන්න. එයට ලුණු කහ දමා තම්බන්න.මිරිස්‌, ගම්මිරිස්‌, සුදු ලූනු, ලුණු, රතු ලූනු, පොල් දමා අඹරාගන්න. එයට දෙහි ද එකතු කර සම්බෝලය මෙන් හොඳින් අනා තම්බාගත් දෙල් දමා මිශ්‍ර කරන්න.  උපුටා ගැනීම : kitchen.tharunaya.us

ඉස්සන් හා තක්කාලි වෑංජනය

Image
අවශ්‍ය දුව්‍ය     බැදගත් ඉස්සන් 200g     කුඞු කරගත් වියළි මිරිස් කරල් 30     රතුලූනු පෙති 20g     රම්පෙ කරපිංචා ස්වල්පයක්     පොල්කිරි 400ml     කපාගත් තක්කාලි 100g     ලුණු ,කහ ස්වල්පයක්     උම්බලකඞ කුඞු 2Tsp     අමු ඉගුරු ස්වල්පයක්     සේර දඞුකැබැල්ලක්     සියබලා ඉස්ම 2Tsp     තෙල් 2Tsp සදන ක්‍රමය හට්ටියකට තෙල්දමා ලූණු වලින් කොටසක්ද රම්පෙ සේර කරපිංචා බදින්න අවශේෂ ද්‍රව්‍යය එක්කර ඉස්ම සිදෙන තුරු මද ගින්නේ තම්බා ගන්න උපුටා ගැනීම : kitchen.tharunaya.us

බිත්තර කරිය

Image
අවශ්‍ය දුව්‍ය     බිත්තර 02     රතුලුණු ගෙඞි 05     ගරම්මසාලා 2Tsp     අමු මිරිස් කරල් 02     කරපිංචා ස්වල්පයක්     පොල්කිරි 150ml     ලුණු ස්වල්පයක්     කරදමුංගු කරලක්     පොල් තෙල් 25ml     ගම්මිරිස් 2Tsp සදන ක්‍රමය බිත්තර කඞා ලුණු  හා ගම්මිරිස් ස්වල්පයක් දමා බීට් කර තැටියට තෙල් දමා බැදගන්න බැදගත් බිත්තර කුඞා තීරු කපන්න පොල්කිරි හා අනෙකුත් දුව්‍යය එක්කර පිසින්න හොද්ද නටන විට ලුණු දමන්න  කපාගත් බිත්නර කැබලි එකතුකර ලිපෙන් බාන්න උපුටා ගැනීම : kitchen.tharunaya.us

දැල්ලන් වැංජනය

Image
අවශ්‍ය දුව්‍ය     දැල්ලන් 500g     කපාගත් අමුමිරිස් කරල් 02     කපාගත් තක්කාලි ගෙඞි 01     කපාගත් ලූනු ගෙඞි 01     කහකුඞු 2Tsp     කපාගත් සුදුලූනු 10g     ඉගුරු 5g     රම්පෙ කරපංචා     අමු තුනපහ කුඞු 02Tsp     තෙල් 15Ml     ලුණු 02Tsp     ගම්මිරිස් කුඞු 02Tsp     මිරිස් කුඞු 02Tsp     දියකිරි 150Ml     මිටිකිරි 150Ml සදන ක්‍රමය හාජනයකට තෙල් දමා රත්කර රම්පෙ කරපිංචා අමුමිරිස් ඉගුරු සුදුලූනු රන්වන් පාට වනතුරු බැදගන්න එයට අනෙකුත් සියලු දේ ඒකතු කර දියකිරින් තම්බාගන්න තැම්බුනු පසු මිටිකිරි ඒකතු කර කැටි නොගැසන අකාරයට හැදිගාමින් ලිපෙන් බාගන්න උපුටා ගැනීම : kitchen.tharunaya.us

රටකජු මෝජුව

Image
අවශ්‍ය දුව්‍ය     රටකජු 250g     පිරිසිදු කරගත් හාල්මැස්‌සන් 100g     ලොකුලූනු 250g     සුදුලූනු 50g     අමුමිරිස්‌ කරල්  10     කැබලි මිරිස්‌ 3Tsp     අඹ චට්‌නි 5 Tsp     කරපිංචා කොළ     ඉඟුරු කැබැල්ලක්‌     විනාකිරි  10ml     සීනි 5Tsp     අබ ක්‍රිම් 3Tsp     ලුණු 1Tsp     තෙල් 350Ml සදන ක්‍රමය රටකජු අවන් කිරීමෙන් පසු පොතු හැර ගන්න ලොකුලූනු සුදුලූනු ඉඟුරු සිහින්ව කපාගන්න හාල්මැස්‌සන් හා කපාගත් ද්‍රව්‍ය රන්වන් පාටවන තෙක්‌ ගැඹුරු තෙලේ බැදගන්න අමුමිරිස්‌ දෙකට වෙන් නොවන සේ පලා, කරපිංචා කොළ සමඟ ගැඹුරු තෙලේ සුළු වේලාවක්‌ බැදගන්න පසුව භාජනයක්‌ ලිප තබා එයට තෙල් දමා කෑලි මිරිස්‌, අබකුඩු, අඹ චට්‌නි, සීනි, විනාකිරි එක්‌ කරගන්න ඉන්පසුව හොඳින් කලවම් කර බැදගත් සියල්ල එකතු කර හොදින් කවලම් කරන්න උපුටා ගැනීම : kitchen.tharunaya.us

දෙල් බැදුම

Image
අවශ්‍ය දුව්‍ය     දෙල් ගෙඩි 01     ලුණු ස්‌වල්පයක්‌     තෙල් 100Ml     තක්‌කාලි ගෙඩි 01     ලොකු ලූනු ගෙඩි 01     මාළු මිරිස්‌ කරල් 02     කැබලි මිරිස්‌ 1Tsp     කරපිංචා ඉත්තක්‌     තලාගත් සුදු ලූනු බික්‌ 02     තලාගත් ඉඟුරු කැබැල්ලක්‌     විනාකිරි ස්‌වල්පයක්‌     මිරිස්‌ කුඩු 1Tsp  සදන ක්‍රමය දෙල් ගෙඩිය හීනි පෙතිවලට කපාගන්න. ලුණු ස්‌වල්පයක්‌ අත ගා ගැඹුරු තෙලේ බැදගන්න.තක්‌කාලි ගෙඩිය කපාගන්න. ලොකු තලාගත්,හා මාලු මිරිස්‌ ද කපන්න. තෙල් ස්‌වල්පයක්‌ ලිප තබා සුදු තලාගත් ,ඉඟුරු බදින්න.එයට කරපිංචා තක්‌කාලි කැබලි මිරිස්‌, විනාකිරි ,වතුර කෝප්ප 1/4 ක්‌ දමා කලවම් කර රත්වන්න හරින්න. දැන් බැදගත් දෙල් ද දමා හොඳින් මිශ්‍ර කරන්න. උපුටා ගැනීම : kitchen.tharunaya.us

බිම්මල් ස්‌ටු

Image
අවශ්‍ය දුව්‍ය     බිම්මල් 500g     අර්තාපල් 150g     කැරට්‌ 100g     මාළු මිරිස්‌ 50     තක්‌කාලි  ගෙඩි 01     විනාකිරි 2Tsp     ගම්මිරිස්‌ 2Tsp     ලූණු 1Tsp     ලොකු ලූනූ ගෙඩි 02     අමු තුනපහ 1Tsp     දිය කිරි 250Ml     මිටි කිරි 125Ml     අබ 1/4 Tsp     තෙල්  2Tsp     අමු මිරිස්‌ කරල් 04     සුදු ලූනූ බික්‌ 03     කහ ස්‌වල්පයක්‌     කරපිංචා,රම්පා ස්‌වල්පයක් සදන ක්‍රමය බිම්මල් තරමක්‌ මහතට කඩා හොඳට සෝදා වතුර ඉවත්වනතුරු මිරිකා ගන්න.කැරට්‌ ,අර්තාපල් ,මාළුමිරිස්‌, අමු මිරිස්‌ දික්‌ අතට කැබලි කරගන්න.ලොකු ලූනූ ,තක්‌කාලි රවුම් අතට කපාගන්න. භාජනයට තෙල් ස්‌වල්පයක්‌ දමා සිහින්ව ලියාගත් රම්පා, කරපිංචා සුදු ලූනූ තෙලට දමා කැබලි කරගත් අල සහ කැරට්‌ සමග සියලු කුළු බඩු වර්ග, ලූණු ,විනාකිරි දමා දිය කිරෙන් තම්බාගන්න. තැම්බුනු පසු බිම්මල් ලූනූ, මාළු මිරිස්‌, අමු මිරිස්‌ සහ තක්‌කාලි සමග මිටිකිරි එකතුකර සුළු වේලාවක්‌ පිසගන්න. ‌ උපුටා ගැනීම : kitchen.tharunaya.us

දෙල් කළුපොල් මාළුව

Image
අවශ්‍ය දුව්‍ය     දෙල්ගෙඩි 01     බැදගත්හාල් මේස හැදී 02      රම්පෙ,කරපිංචා,බීළූණු,අමුමිරිස්     මිරිස්කුඩු මේස හැදී 01     කහස්වල්පයක්     බැදගත්පොල් මේස හැදී 02     ලුණු     බැදගත්තුනපහකුඩු(කළුකුඩු) මේස හැදී 02     මිටිකිරි 375Ml සාදන ආකාරය දෙල් කැබලි වලට කපා තම්බා ගන්න. පසුව එයට බැද සිහින්ව කුඩුකරගත් හාල් හා පොල් එකතුකර කහ, මිරිස්, බැදගත් තුනපහ කුඩු සහ ලුණුද මිශ්‍රකර මිටිකිරි දමාහොදින් කලවම්කරන්න. ඉන්පසු තෙල් ස්වල්පයක් ලිප තබා එයට බී ළූණු, අමු මිරිස්, රම්පෙ, කරපිංචා සමග අබ තෙම්පරාදුව දමන්න. අවසානයේ දෙල් මිශ්‍රණයද එයට දමා හොදින් හින්දවා ගන්න  උපුටා ගැනීම : kitchen.tharunaya.us

ඉස්සෝ ඩෙවල්

Image
අවශ්‍ය දුව්‍ය     ලොකුඉස්සන් 500g     බීළූණු 150g     මාළුමිරිස් 100g     රතුතක්කාලි 100g     ගම්මිරිස්කුඩු 02Tsp     ඔයිස්ටර්සෝස් 02Tsp     චිලිසෝස් 02Tsp     එළවළුතෙල් 125Ml     කෝන්පිටි 100G     කහකුඩු  Tsp     දෙහිඇඹුල් 02Tsp     පාසලි 50G     කජුමද 20G     ඉගුරුඉස්ම 100Ml     ලුණුකුඩු 02Tsp සාදන ආකාරය ඉස්සන්ගේ ඔළු හා පොතු ඉවත් කරන්න. දැන් හොදින් සෝදා ගන්න. දැන් ලුණු කුඩු, කහ කුඩු, ගම්මිරිස් කුඩු ටකක් ඉස්සන්ගේ ගා ටික වේලාවක් තබන්න. තෙල් ලිපේ තබා රත්වන විට ඉස්සන් කෝන්පිටි වල තවරා ගැඹුරු තෙලේ බැදගන්න. භාජනයක් ලිප තබා තෙල් තේහැදි 2ක් දමා රත් කරන්න. දැන් ඉගුරු ඉස්ම සෝස් වර්ග එකතු කරන්න. කපාගත් ළූණු, තක්කාලි, මාළු මිරිස්ද එකතු කරන්න. දැන් කජුමද ටික අඹරාගෙන එයද එකතු කරන්න. දෙහි යුෂ හා රසකාරකද යොදා හොදින් මිශ්ර කරන්න. ගම්මිරිස් කුඩු හා ලුණු කුඩුද මිශ්ර කරන්න. පැතලි දීසියක් ගෙන මෙම කරි මිශ්රණය ටිකක් දම්න්න. ඒ මතට බැදගත් ඉස්සන් අසුරන්න. ඉතිරි ටික ඉස්සන් උඩට වත් කරන්න. පාස්ලි කොල ටික කපා උඩින් ගසන්න.  උපුටා ගැනීම : kitchen.tharunaya.us

මැලේ අච්චාරු

Image
අවශ්‍ය ද්‍රව්‍ය     රටඉඳි 200g     රතුලූනු 150g     කැරට් 100g     මාළුමිරිස් 150g     හොඳින් පැසුණු ඇඹ‍රැල්ලා ගෙඩියක්     කුඩා අන්නාසි ගෙඩියක්     අඹරාගත් සුදුළූණු බික් 8     ඉඟුරු කැබැල්ලක්     මිරිස් කුඩු මේස හැඳි 2     විනාකිරි කෝප්ප 1/2     අඹරාගත් අබ මේස හැඳි 1     සීනි මේස හැඳි 4     අවශ්‍ය පමණ ලුණු සාදන ක්‍රමය  රටඉඳි වල ගෙඩි 5-6 ක ඇට හැර කුඩාවට කපන්න. ඉතිරි ටික ඇට හැර අඹරා ගන්න. මෙය මැටි බඳුනකට දමා එයට විනාකිරි කෝප්ප 1/2 ක් වතුර කෝප්ප 1/4 ක්, අඹරාගත් අබ , ඉඟුරු , සුදුළූණු , ලුණු මිරිස් කුඩු , සීනි දමා තරමක් උකු සෝස් එකක් වන ලෙස උණුකර ගන්න. මෙය ලිපෙන් බාන්න. ඉන්පසු එයට කපාගත් කැරට් , මාළුමිරිස් , අන්නාසි අඹ‍රැල්ල , රටඉඳි එකතු කර ගන්න. මෙහිදි කපාගත් රටඉඳි වෙනුවට වියළි මිදි එකතු කිරීමට පුළුවනි. මෙය හොඳින් මිශ්‍රකර වසා දිනක් පමණ තිබෙන්නට හැර කෑමට ගන්න.  උපුටා ගැනීම : kitchen.tharunaya.us

අළුත් විදිහකට බෝංචි හදමු

Image
අපි ගොඩක්දෙනා පුරුදුවෙලා ඉන්නෙ බෝංචි උයල කන්නයි. ගොඩක් පොඩ්ඩො උයපු බෝංචි කන්න හරිම අකමැතියි. හැමදාම එකම විදියට කාල එපාවෙලානම් හදල බලන්න බේක් කරපු බෝංචි. අවශ්‍ය ද්‍රව්‍ය:     බෝංචි 350g     ඔල්ව් තෙල් තේ හැඳි 2     ලුණු කුඩු     ගම්මිරිස් කුඩු     ගාර්ලික් පවුඩර් තේ හැඳි 1/4     ගාගත් චීස් (පාමර්සන් චීස් නම් වඩාත් සුදුසුයි)     කැමති නම් මිරිස්කුඩු ස්වල්පයක් සාදන අයුරු: පළමුවෙන්ම බෝංචි සෝදා, නූල් ඇර තෙත මාත්තුකරගන්න. අවන් එක රත්වෙන්න තබන්න්න. ෆොයිල් එකක් හෝ තෙල් කඩදාසියක් දමා බේකිං ට්‍රේඑක ලයිනින් කරගන්න. එවිට ට්‍රේඑකට ඇලෙන්නෙ නැතිව බෝංචි ඉවත්කරගන්න පුළුවන්. බෝංචි ටික ලයිනින් මත වෙන් වෙන්ව තබාගන්න. ඔල්ව් තෙල් බෝංචි මතට දමාගන්න. ලුණු කුඩු, ගම්මිරිස් කුඩු සහ ගාර්ලික් පවුඩර් බෝංචි මත සමව වැටෙන සේ විසුරුවන්න. කැමති නම් මිරිස්කුඩු ටිකකුත් එකතුකරගන්න. විනාඩි 10ක් පමණ බේක් කර ඉවතටගෙන බෝංචිටික අනිත් පැත්තට පෙරලා විනාඩි 5ක් පමණ බේක් කරගන්න. අවන් එකෙන් ඉවතට ගෙන ගාගත් චීස් බේක්කරගත් බෝංචිටික උඩින් ඉසින්න. ගෙදරදී සාමාන්‍ය ආහාර වේලකට වගේම උත්සව අවස්ථාවක අමුත්තන්ට පිළිගන්වන්නත් මෙය සුදු

අල සහ මාළු මිරිස් කරිය

Image
මාළු මිරිස් රසම රස ව්‍යාංජනයක්. නමුත් බොහෝ දෙනා පුරුදුව සිටින්නේ මාළු මිරිස් තෙල් දාන්නයි. ඒ නිසා මේ විදිහට මාළු මිරිස් සකසා ඔබේ එදිනෙදා කෑම වේලට වෙනස්ම රසයක් එකතු කරගන්න.. අවශ්‍ය ද්‍රව්‍ය:     මාළු මිරිස්  200 g     තම්බාගත් අල 200 g     තක්කාලි  100 g     උම්බලකඩ මේස හැඳි  1     රතු ළූණු  40 g     ලියාගත් කරපිංචා  මේස හැඳි  1     රම්පේ     කුඩා කුරුඳු පොත්තක්     කහකුඩු  තේ හැඳි 1/2     කෑලි මිරිස් මේස හැඳි 1/2     බැදගත් උළුහාල් තේ හැඳි 1/2     මිටිකිරි අඬු කෝප්ප 1/2     ලුණු රස අනුව     තෙල් හෝ මාගරින් ස්වල්පයක් සාදන අයුරු: පළමුව මාළුමිරිස් හතරට පළා එය නැවත දෙකට කපා ගන්න. අනතුරුව තක්කාලි තීරු කපාගන්න. අල තරමක කැබලිවලට කපාගන්න. භාජනයක් ළිප තබා එයට තෙල් දමා ළූණු, රම්පෙ, කරපිංචා, කුරුඳු පොතු එකතු කර එය රන්වන් පැහැයට බැද උම්බලකඩ, කෑලි මිරිස්, උළුහාල් ලුණු හා මිටිකිරි කිරි ද එකතු කරන්න. අවසානයේ උතුරන තුරු හැඳි ගා මාළුමිරිස්, අල, තක්කාලි සහ රස අනුව ලුණු එකතු කර තරමක් හැඳි ගා ළිප නිවා භාජනය වසන්න. මද වේලාවක් තබා ලිපෙන් ඉවත් කර පිළිගන්වන්න. බලන්න මේ ක්‍රමයට මාළුමිරිස්

බිත්තර මිශ්‍ර බිම්මල්

Image
අවශ්‍ය ද්‍රව්‍ය:     බිම්මල් 250 g     බිත්තර 2     තක්කාලි 50 g     මාළු මිරිස් කරල් 4     ලොකු ළුණු 50 g     සුදු ළුණු බික් 2     අමු ඉඟුරු පෙති 1     කල් කිරි කෝප්ප කාලක්     මිරිස් කුඩු තේ හැඳි බාගයක්     කරපිංචා ටිකක්     රම්පෙ ටිකක්     රස අනුව ලුණු     තෙල් ස්වල්පයක් සාදන ක්‍රමය: මාළු මිරිස් දෙකට කපන්න. සුදු ළුණු, අමු ඉඟුරු තලන්න. බඳුනකට තෙල් දමා රත් වූ පසු ළූණු, මාළු මිරිස්, සුදු ළුණු, අමු ඉඟුරු, කරපිංචා, රම්පා දමා කපාගත් තක්කාලි, බිත්තර දමා විනාඩි 5 පමණ හැඳි ගාන්න. එයට ලුණු, මිරිස් කුඩු, සහ බිම්මල්, කිරි එකතු කර මඳ වෙලාවක් හැඳි ගා වසා තබන්න. විනාඩි 5 පමණ තබා ලිපෙන් බා ගන්න.  උපුටා ගැනීම : kitchen.tharunaya.us

ඉස්සන් කිරි හොදි

Image
අවශ්‍ය ද්‍රව්‍ය :- ඉස්සන් ග්‍රෑම් 500 කහ කුඩු අඹරා ගත් අබ තේ හැඳි 1 යි බැදගත් උළුහාල් ස්වල්පයක් රතුලූණු ගෙඩි 3 යි දෙහි යුෂ මේස හැඳි 1 යි ඉදුණු මිරිස් කරල් 2 ගොරක කැබලි 3 පොල් කිරි කෝප්ප 5 යි අඹරා ගත් තුනපහ කුඩු තේ හැඳි 1 යි මිරිස් කුඩු තේ හැඳි 1 ලුණු, රම්පෙ, කරපිංචා සාදන ක්‍රමය :- ඉස්සන් සෝදා අවශ්‍ය නම් පමණක් පොතු ඉවත්කර බඳුනකට දමන්න. දෙහි, අබ, කහ හැර අනෙක් සියලුම කළමනා දමා වතුර කෝප්ප තුනක් පමණ දමා ලිප තබන්න. ඉස්සන් තම්බුන පසු පොල් කිරි වලට ඉතුරු කර ගත් කහ, අබ , දෙහි ඇඹුල් යොදා වක්කරන්න. හොද්දේ කිරි කැටි නොගැසෙන්නට , හොඳින් හැඳි ගා ලුණු ඇඹුල් බලා ලිපෙන් ඉවතට බා ගන්න. වඩා රසවත් කිරීමට හොද්ද උයන විට මුරුංගා කොළ ස්වල්පයක් එකතු කරන්න  උපුටා ගැනීම : kitchen.tharunaya.us

ඉස්සන් තෙම්පරාදුව

Image
අවශ්‍ය ද්‍රව්‍ය :- ඉස්සන් ග්‍රෑම් 500 යි දෙහි යුෂ මේස හැඳි 1 යි රතු ළූණු ග්‍රෑම් 100 යි අමුමිරිස් කරල් 5 යි ගොරක කැබලි 2 යි කෑලි මිරිස් මේස හැඳි 3 යි මුරුංගා කොළ ටිකක් පොල් තෙල් ස්වල්පයක් ලුණු කුඩු රම්පෙ, කරපිංචා සාදන ක්‍රමය :- ඉස්සන් හොඳින් සෝදා ලුණු සහ ගොරක දමා තම්බා ගන්න. ඉස්සන් හොඳින් තැම්බුන පසු තෙල් ලිප තබා බැද ගන්න. මදක් බැදෙන විට ළූණු , මුරුංගා කොළ , මිරිස් , රම්පා, කරපිංචා එක් කර කලවම් කරගන්න. හොඳින් බැදුණු පසු ලුණු පදම බලා දෙහි යුෂ එක් කර ලිපෙන් බා ගන්න.  උපුටා ගැනීම : kitchen.tharunaya.us

කජු සමඟ නෙලුම් අල

Image
අවශ්‍ය ද්‍රව්‍ය පෙඟෙන්නට හැර ශුද්ධ කරගත් කජු මද - 250g පෙති කපා හොඳින් සේදූ නෙළුම් අල - 150g සිහින්ව කපාගත් සුදුලූනු බික් - 5‍ සිහින්ව කපාගත් රතු ලූනු පෙති - 8 සිහින්ව කපාගත් අමු මිරිස් කරල් - 5 කැබලි කපාගත් තක්කාලි ගෙඩි - 1 අමු තුනපහ කුඩු තේ හැඳි - 2 කහ කුඩු තේ හැඳි - ½‍ පොල්තෙල් මේස හැඳි - 1 රම්පේ, කරපිංචා ස්වල්පයක් අවශ්‍ය ප්‍රමාණයට ලුණු දිය කිරි කෝප්ප - 4 මිටි කිරි කෝප්ප - 4 සාදන ආකාර ය පිරිසිදු භාජනයක් ගෙන ළිප තබා තෙල් හැඳි 1 ක් පමණ දමා රත් කරන්න. දැන් එයට සුදුලූනු, රතුලූනු, අමුමිරිස්, රම්පේ, කරපිංචා, කුරුඳුපොතු දමා රන්වන් පාට වනතුරු බැද ගන්න. පසුව එයට කජු මද සහ නෙළුම් අල එකතු කර උළුහාල්, තුනපහ කුඩු, කහකුඩු, ගම්මිරිස් කුඩු, තක්කාලි සහ ලුණු දමා හොඳින් කලවම් කර දිය කිරෙන් තම්බා ගන්න. තැම්බුණු පසුව මිටිකිරි දමා සුළු වෙලාවක් හොඳින් බිස ගන්න.  උපුටා ගැනීම : kitchen.tharunaya.us

මාළු මිරිස් උම්බලකඩ කරිය

Image
අවශ්‍ය ද්‍රව්‍ය මාළු මිරිස් - 200 g තක්කාලි - 100 g උම්බලකඩ මේස හැඳි - 1 රතු ලූනු - 40 g කරපිංචා (ලියාගත්) මේස හැඳි - 1 රම්පෙ අඟල් - 1/2 කුරුඳු පොතු අඟල් - 1/2 බැදගත් උළුහාල් - තේ හැඳි 1/2 කහකුඩු - තේ හැඳි 1/2 කෑලි මිරිස් මේස හැඳි - 1/2 තෙල් මේස හැඳි - 1 මිටිකිරි අඬු කෝප්ප - 1/2 ලුණු රස අනුව පිළියෙල කරන ආකාරය මුලින්ම මාළුමිරිස් හතරට පළා එය නැවත දෙකට කපා ගන්න. පසුව තක්කාලි තීරු කපාගන්න. දැන් භාජනයක් ළිප තබා එයට තෙල් දමා ලුනු, රම්පෙ, කරපිංචා, කුරුඳු පොතු එකතු කර එය රන්වන් පැහැයට බැද උම්බලකඩ, කෑලි මිරිස්, උළුහාල් ලුණු හා කිරි ද එකතු කරන්න. අවසානයේ උතුරන තුරු හැඳි ගා මාළුමිරිස් හා තක්කාලි එකතු කර තරමක් හැඳි ගා ළිප නිවා භාජනය වසන්න.  උපුටා ගැනීම : kitchen.tharunaya.us

කිරි කජු මාළුව

Image
අලුත් අවුරුද්දට නැතිවම බැරි කෑමක් තමයි කිරි කජු මාළුව. අමුත්තන්ට පිළිගන්වන්නට පමණක් නොව ඔබේ පවුලේ අයටද රස විඳින්න හදල බලන්න රසම රස කිරි කජු මාළුව… අවශ්‍ය ද්‍රව්‍ය:     කිරි කජු ග්‍රෑම් 250g     කහ තේ හැඳි ½     ගම්මිරිස් තේ හැඳි 1     තුනපහ කුඩු තේ හැඳි 1     මිටි කිරි ‍කෝප්ප 2ක්     තලාගත් සුදුළූණු බික් 2     තැලූ අමු ඉඟුරු කැබැල්ලක්     අබ ස්වල්පයක්     තෙල් ස්වල්පයක්     අමු මිරිස් කරල් 2     කුරුඳු කැබැල්ලක්     රතුළූණු ගෙඩි 3     රම්පෙ සහ කරපිංචා     ලුණු අවශ්‍ය පමණට සාදන ක්‍රමය: රතුළූණු සහ අමු මිරිස් කුඩාවට කපාගන්න. අමු කජු මද සෝදා පිරිසිදු කරගන්න. එයට ගම්මිරිස්, කහ, තුනපහ සහ ලුණු එක්කර අත ගා ගන්න. ඉන්පසු තාච්චියක් ලිප තබා තෙල් ස්වල්පයක් එකතුකරන්න. තෙල් රත්වන විට කුරුඳු, රම්පෙ, කරපිංචා, අමු මිරිස්, ළූණු, සුදුළූණු, අමු ඉඟුරු සහ අබ දමන්න. එය සුවඳ වී එන විට එයට කජු මිශ්‍රණය දමා පිසගන්න. ඉන්පසු පොල්කිරි ද එක් කර කලවම් කරන්න. ලුණු අවශ්‍ය පමණට එකතුකරගන්න. කැමතිනම් ග්‍රීන් පීස්, උම්බලකඩ ආදියත් එකතුකරගත හැකියි. වියළි කජු මද ද මෙම කරියට භාවිත කළ හැක. එහිදී වැඩි රසයක්

අළුත් විදිහට කංකුන්

Image
අවශ්‍ය ද්‍රව්‍ය : කන්කුන් මිටි 1ක් වියළි මිරිස් කරල් 3ක් මාළු සෝස් මේස හැදී 2ක් සුදුළුනු බික් 4-5 ක් බි ලුනු ගෙඩි 1ක් ඔයිස්ටර් සෝස් මේස හැදී 4ක් ගම්මිරිස් කුඩු හා ලුණු රස අනුව පදමට දමාගන්න. සාදා ගන්නා ආකාරය: කන්කුන් මිටිය සුද්ද කර ළපටි කන්කුන් ටික පමණක් වෙන් කර ගන්න.පසුව බඳුනකට වතුර ස්වල්පයක් ගෙන ළිප තබා වතුර හොඳින් රත් වූ පසු කන්කුන් ප්‍රමාණය එයට දමා ගන්න.එම කන්කුන් ටික යන්තමට තම්බා ගන්න.අනතුරුව කන්කුන් වතුර බේරීමට තබා වෙනත් බඳුනක් ගෙන එයට තෙල් ස්වල්පයක් දමා මඳගින්නේ රත් වෙන්න තබන්න.තෙල් ස්වල්පය රත් වි ගෙන එනවිට චොප් කරගත් බිලුනු ,සුදුළුනු සහ කපා ගත් වියළි මිරිස් එයට එකතු කර බැද ගන්න.දැන් එයට තම්බා ගත් කන්කුන් සහ පළමුව ඔයිස්ටර් සෝස් ද දෙවනුව මාළු සෝස් ද එක් කර රස අනුව ලුණු හා ගම්මිරිස් කුඩු එකතු කරන්න  උපුටා ගැනීම : kitchen.tharunaya.us